රටේ සෞඛ්‍ය ප්‍රශ්නයට විසදුම් සොයන්න විපක්ෂ නායකවරයාගේ මූලිකත්වයෙන් විශේෂ කමිටුවක්

Date:

වත්මන් රජයේ සෞඛ්‍ය ඇමතිවරයා සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතනවල ඔහුට හිතවත් පුද්ගලයන් එකට එකතු වී සිදු කරන හොර ගනුදෙනු සම්බන්ධයෙන් සෙවීමට සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය වර්තමානයේ මුහුණ දෙන ගැටලුවලට විසදුම් සොයා ජනතාවට නිදහස්, නිවහල්, නොමිලේ හා ගුණාත්මක සෞඛ්‍ය පහසුකම් ලබා දීමේ අරමුණින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයෙන් විශේෂ කමිටුවක් ස්ථාපිත කර තිබේ.

සෞඛ්‍ය අර්බුදය සම්බන්ධයෙන් තවදුරටත් මැදිහත්වීම සදහා වූ විපක්ෂයේ පොදු එකමුතුව වන මෙය ඊයේ (05) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වී සාකච්ඡා කර ඇත.

එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ 75 වසරක ප්‍රජාතන්ත්‍රීය ඉතිහාසය තුළ මෙවැනි සෞඛ්‍ය ප්‍රශ්නයක් රටේ සිදුව නැති බවත් මෙයට හේතුව පැය 24ම හොරකම් වංචා සිදු කිරිම බවත් මේ සම්බන්ධයෙන් දිගින් දිගටම ප්‍රශ්න කරන විට සෞඛ්‍ය ඇමතිවරයා කුමක් හෝ යමක් සිදු කරන බවත් ය.

එසේ ම ව්‍යාජ ලේඛන සකස් කර බෙහෙත් ගෙනවිත් එයට සම්බන්ධ හොරු ටිකම සී.අයි.ඩී. එකට පැමිණිලි දාන්න යන බවත් විපක්ෂය මෙවැනි ගැටලු ඉදිරිපත් කරන විට ඒවා සාවද්‍ය බවට පවසන බවත් මේ සම්බන්ධයෙන් විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ අවස්ථාවේ මේ රටේ මිනිසුන් මරණ මංචකයට ගෙන යන හොරුත් සමග 113ක් සිටගත් බවත් 73 දෙනකු පිරිසුදු නිදහස් නිවහල් සෞඛ්‍ය පද්ධතියක් හා මිනිසුන් ජීවත් කරවන්න සිට ගත් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තවද යහපාලන කාලයේ සේනක බිබිලේ නිදහස් නිවහල් සෞඛ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීම නිසා දරාගත හැකි මුදලකට ඖෂධ ලබා ගැනීමට හැකි වූ නමුත් වත්මන් සෞඛ්‍ය ඇමතිවරයා යටතේ හොර බෙහෙත් බාල ඖෂධ ගෙන එන ජාවාරම්කාරී ක්‍රියාවන් ක්‍රියාත්මක වන බවත් කිසිදු රජයක් යටතේ මෙවැනි දෙයක් සිදු නොවූ බවත් හදිසි මිලදී ගැනීම් නතර කර ඇති බවට පැවසීමත් ව්‍යාජ රැවටීමක් බවත් මෙහි සිදුවන්නේ සමූල හොරකමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම බාල ඖෂධ නිසා අගතියට පත් පවුල් සදහා විපක්ෂයෙන් සහන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත් ඊට අමතරව මෙම පුද්ගලයන් වෙනුවෙන් නෛතික පියවර ගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී යෝජනා කළේය.

මේ අවස්ථාවට විපක්ෂය නියෝජනය කරමින් පක්ෂ ගණනාවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් එක් විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

RMV හිටපු ලොක්කෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු වන...

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...