අද තවත් රිය අනතුරු 2ක් වාර්තා වෙයි – සිසුන් 15කුත් රෝහලේ

Date:

කොළඹ LNW:කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කජුගම ප්‍රදේශයේදී අද (06) අලුයම 5ට පමණ බස් රථයක් සහ බහාලුම් රථයක් මුහුණට මුහුණ ගැටී තවත් අනතුරක් සිදුවී තිබේ.

එම අනතුරෙන් තුවාල ලැබූ 22 දෙදෙනෙකු වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර 04 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි වාර්තා වන්නේ.

අම්පාර සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් සහ කොළඹ සිට නුවර දෙසට ධාවනය වූ බහාලුම් රථයක් එලෙස මුහුණට මුහුණ ගැටී ඇත.

එම අනතුරත් සමගම බස් රථය පිටුපසින් පැමිණි ඉන්ධන බවුසර් රථයක් ද බස් රථයේ ගැටී ඇති බව සඳහන්.

මේ අතර කුලියාපිටිය හෙට්ටිපොළ කරන්තිප්පල ප්‍රදේශයේදී අද උදෑසන පාසල් බස් රථයක්ද අනතුරට ලක්ව තිබේ.

ලංගම බස් රථයක ගැටීමෙන් සිදුවූ එම අනතුරෙන් පාසල් බස් රථයේ ගමන් ගත් සිසුන් 15 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර ඔවුන් කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නගර තුනක ආණ්ඩු විරෝධී ජනරැළි තුනක් ළඟදීම අපි පවත්වනවා – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 22 කොළඹ LNW : ඒකාබද්ධ විපක්ෂයෙන් තවත්...

හිට්ලර්ගේ DNA අධ්‍යයනය කිරීම සාධාරණ ද? නැතිනම් එය අතහැර දැමිය යුතුව තිබුණා ද?

ඇඩොල්ෆ් හිට්ලර්ගේ රුධිරය පිළිබඳ පෙරළිකාර DNA පරීක්ෂණ මගින් එම...

අද සියලුම ප්‍රාදේශීය ලේකම්වරු කොළඹට කැඳවයි!

දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් අද (22)කොළඹ දී විශේෂ...