දුප්පත්කම 25%කින් වැඩි වෙලා,අපි පොළී අනුපාත පහළ දානවා – මහ බැංකු අධිපති

Date:

කොළඹ LNW:උද්ධමනය ඉහළ යාම සහ ආර්ථික ක්‍රියාකාරිත්වය පහළ යාම හේතුවෙන් දුප්පත්කම 25% දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

5%ක් වූ අපේක්ෂිත උද්ධමනය එම මට්ටමට වඩා ඉදිරි මාස කිහිපයේදී ඉහළ යනු ඇති බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කරන්නේ.

තුන්වන සහ 04 වන කාර්තුවලදී ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන අතර මහබැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමටද පියවරගත් බව ඔහු කියාසිටියි.

ඒ අනුව නිත්‍ය තැන්පතු අනුපාතියක 11%සිට 10% දක්වාත් , නිත්‍ය ණය පහසුකම් අනුපාතය 12%සිට 11% දක්වාත් තවදුරටත් අඩු වීමට නියමිතයි.

ඉදිරියේදී වෙළදපොළ පොළී අනුපාතිකයද පහළ යනු ඇති බව මහ බැංකු අධිපතිවරයා සඳහන් කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නගර තුනක ආණ්ඩු විරෝධී ජනරැළි තුනක් ළඟදීම අපි පවත්වනවා – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 22 කොළඹ LNW : ඒකාබද්ධ විපක්ෂයෙන් තවත්...

හිට්ලර්ගේ DNA අධ්‍යයනය කිරීම සාධාරණ ද? නැතිනම් එය අතහැර දැමිය යුතුව තිබුණා ද?

ඇඩොල්ෆ් හිට්ලර්ගේ රුධිරය පිළිබඳ පෙරළිකාර DNA පරීක්ෂණ මගින් එම...

අද සියලුම ප්‍රාදේශීය ලේකම්වරු කොළඹට කැඳවයි!

දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් අද (22)කොළඹ දී විශේෂ...