නෙරපීමට ගත් තීරණයකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (06) දින අමාත්‍ය නසීර් අහමඩ් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් නෙරපීමට ගත් තීරණය නීත්‍යනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති අතර, ඒ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් තම පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට එරෙහිව නසීර් අහමඩ් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සමට අනුවය.

මේ අනුව එම පෙත්සම විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය ප්‍රකාශයට පත් කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇතැයි වාර්තා වේ.

මේ සම්භන්ධයෙන් ජනාධිපති නීතිඥ සුමන්දිරන්  මහතා පැවසුවේ,

මේක ඓතිහාසික තීරණයක්.. අවුරුදු 20කට 25කට වගේ කාලයේ මෙවැනි නඩුවල තීන්දු ලබා දුන්නෙ අනෙක් පැත්තට…” 

ඔහු පක්ෂයෙන් ඉවත් කිරීම  නිත්‍යනුකූල සහ වලංගු බවට විනිසුරුවන් තිදෙනා ඒකමතිකව තීරණය  කළ බවද  සුමන්දිරන් මහත කියා සිටී.

මේ අතර නඩු තීන්දුවෙන් පසු අදහස් දක්වමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම්, ජනාධිපති නීතිඥ නිසාම් කාරියපර් මහතා  පැවසුවේ,  මින් පසු ඇමතිකම්වලට පක්ෂ මාරු දේශපාලනඥයින්ට මෙය හොඳ අවවාදයක් බවයි. 

” ඇමතිකම් ලබාගෙන හිටපු එතුමාව පක්ෂයෙන් නෙපරන ලද මාගේ ලියුම සාධාරණයි, වලගුයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ඓතිහාසිකයි. මොකද මින් පස්සෙ ඇමතිකම්වලට පක්ෂය මාරු වෙන අයට මේක ලොකු අවවාදයක් ”  ජනාධිපති නීතිඥ නිසාම් කාරියපර් මහතා කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පෑලියගොඩ වෙඩිතැබීමක්. තුවාලකරුවෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේ දී අද...

නි.ඇමති අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංගය ගැන තීරණය ඉදිරියේදී – කථානායක

කොළඹ LNW:ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර...

ජනතාව මැරිලා ඉපදිලා නැහැ. පාතාලයේ අය ආයුධ පෙන්වන්න අරන් ගියේ රාජපක්ෂවරුන්ගේ කාලයේ කියල දන්නවා – පොහොට්ටු ලේකම්!

කොළඹ LNW:රාජපක්ෂවරුන්ගේ කාලයේ පාතාල සාමාජිකයින් ආයුධ පෙන්වන්න ගොස් වෙඩි...

කුරුඳු වගාව මහනුවර දිස්ත්‍රික්කය තුළ ව්‍යාප්තියට පියවර!

කොළඹ LNW: මහනුවර දිස්ත්‍රික්කය තුළ කුරුඳු වගාව ව්‍යාප්ත කිරීම...