සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදුකෙරෙන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් , හෙට (07) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව හෙට (07) දිනයේ කොළඹ 11,12,13,14,සහ 15 යන ප්‍රදේශවලට පස්වරු 5.00 සිට ඉරිදා (08) උදෑසන 8 දක්වා පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??