තායි වාණිජ මණ්ඩලයේ සහය අපිට!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ (LNW):

ද්වීපාර්ශ්වික වෙළද සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණෙන් තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනි විජයන්ති එදිරිසිංහ මහත්මිය තායි වාණිජ මණ්ඩලයේ සහ වෙළද මණ්ඩලයේ සභාපතිවරයා හමුව ඇති අතර, ශ්‍රී ලංකාවට ආයෝජන නියෝජිත කණ්ඩායමක් යොමුකරන ලෙස මෙම හමුවේදී තානාපතිවරිය ඉල්ලා ඇති බව වාර්තා වේ.

ඊට ප්‍රතිචාරයක් ලෙස ලබන වසරේ දී තායිලන්ත වාණිජ මණ්ඩලයේ සහ වෙළද මණ්ඩලයේ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණෙන බව තහවුරු කෙරුණ බවද පැවසේ.

ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළද ගිවිසුමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරුණ අතර, ආයෝජන මෙන්ම වෙළද ක්ෂේත්‍රයේදී දෙරටේ සහයෝගීතාව සම්බන්ධයෙන් ද දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙන බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා පිතිකාරිනියන් ඉන්දියාවට කඩුලු අටකින් දිනන්නට මාවත සකස් කර දෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 22, කොළඹ LNW: ශ්‍රි ලංකාවේ විස්සයි විස්ස...

Emily in Paris නවතම කතා මාලාවෙහි එක් තැනක, ශ්‍රී ලංකාව ගැනත් කතා බහක්!

සටහන – පුලී දෙසැම්බර් 22, කොළඹ (LNW):  Emily in Paris යනු නෙට්ෆ්ලික්ස් සඳහා...