ඔක්තෝබර් 07 මාරාන්තික හමාස් ප්‍රහාරයට අදට වසරක්

Date:

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 07; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පලස්තීන හමාස් සංවිධානය විසින් ඔක්තෝබර් 7 ඊශ්‍රයලය භුමිය තුළ සිදු කරන ලද මාරාන්තික ප්‍රහාරය එල්ල කිරීමේ පළමු සංවත්සරය ඊශ්‍රායලය අද දිනයේදී සමරා තිබේ.

ගාසා තීරයේ තවමත් වහල්භාවයේ සිටින ඊශ්‍රායල ජාතිකයින් 1,139 දෙනෙකු සහ 100කට ආසන්න පිරිසකට ගෞරව දැක්වීම සඳහා පුද්ගලයින් 364 දෙනෙකු මරා දැමූ නෝවා සංගීත උළෙල පැවති කිබුට්ස් රීම් හි දීඅනුස්මරණ පැවැත්වමින් ජනාධිපති අයිසැක් හර්සොග් සඳුදා (07)අනුස්මරණ කටයුතු ආරම්භ කරන ලද අතර මේ හා සමගාමිව ඊශ්‍රායලය පුරා සහ ලොව පුරා නගරවල වෙනත් සිදුවීම් සහ උත්සව සැලසුම් කර තිබිණ.

මෙහිදී එම අනුස්මරණ උත්සවයට සම්බන්ධ වූ විපතට පත් වූවන්ගේ පවුලේ සාමාජිකයන් සහ මිතුරන් සියගණනක් මොහොතක නිශ්ශබ්දතාවයක් පැවැත්වූ අතර අවස්ථාවට සම්බන්ධ වූ ජනාධිපතිවරයා සිය කතාවේදී කියා තිබුණේ, ඉතිහාසයේ ගමන් මග වෙනස් කිරීමට සහ කලාපයට සාමය, යහපත් අනාගතයක් ගෙන ඒමට නම්, ඊශ්‍රායලයේ සතුරන්ට එරෙහි සටනේදී ඊශ්‍රායලයට සහාය විය යුතු බව ලෝකය අවබෝධ කර ගත යුතු බවයි.

මිට අමතරව ගාසා තීරයේ ඉතිරිව සිටින සිරකරුවන් ආපසු ලබා දෙන ලෙස ඉල්ලා විරෝධතාකරුවන් විශාල ප්‍රමාණයක් කොඩි සහ සිරකරුවන්ගේ ඡායාරූප රැගෙන බටහිර ජෙරුසලමේ අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ නිවසට පිටතින් රැස් වූ අතර මෙහිදී වසරක් ඉක්ම ගොස් තිබියදී ප්‍රාණ ඇපකරුවන් ගෙන ඒමට ආන්ඩුව අසමත් වීම සහ හමාස් සමඟ සටන් විරාමයකට එළඹීම ප්‍රතික්ෂේප කිරීම ගැන ඔවුන් ප්‍රශ්න කළ අතර බොහෝ දෙනෙකු මෙහිදී චෝදනා කර තිබුණේ, නෙතන්යාහු තම දේශපාලන වාසි තකා හිතාමතාම යුද්ධය දිගටම කරගෙන යන බවයි.

ගාසා තීරයට එරෙහිව ඊශ්‍රායලයේ වසරක් පුරා පැවති යුද්ධයෙන් මේවන විට පලස්තීනුවන් 42,000කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් 97,000කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර, එහි අවතැන් වූ ජනතාව කුසගින්නෙන් සහ රෝගවලින් පීඩා විඳිති.

අද(07) එළඹුණු පළමු සංවත්සරය සමරමින් හමාස් සංවිධානයේ කසාම් බළකාය ටෙල් අවිව් වෙත රොකට් ප්‍රහාර එල්ල කර ඇති අතර එයින් කිසිදු ජිවිත හානියක් වාර්තා නොවුනමුත් මෙතරම් ඊශ්‍රායල් ප්‍රහාර මධ්‍යයේ ටෙල් අවිව් වෙත රොකට් ප්‍රහාර එල්ල කිරීමට හමාස් සතු හැකියාව ලෝකයා මවිතයට පත් කිරීමට සමත්ව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...

2025 අපනයන ආදායමේ කැපී පෙනෙන වෙනසක් – වෙලා තියෙන වෙනස මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය...