නීත්‍යානුකූල උද්ඝෝෂණ වලට අපෙන් කිසිම ප්‍රශ්නයක් නෑ – ඇමති ටිරාන් (VIDEO)

Date:

විරෝධතා උද්ඝෝෂණ හෝ පෙළපාලි පැවැත්වීමේදී ඊට අදාළ නීත්‍යානුකූල ක්‍රමවේද අනුගමනය කළයුතු බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

ඒ අනුව එසේ අවසර ලබාගෙන නීත්‍යානුකූලව පවත්වන උද්ඝෝෂණ, පෙළපාලි හෝ විරෝධතාවලට පොලිසියෙන් කිසිදු බාධාවක් එල්ල නොකෙරෙන බවයි ඒ මහතා සඳහන් කළේ.

අමාත්‍ය ටිරාන් අලස් මහතා මේ බව පැවසුවේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා ඊයේ (06) පාර්ලිමේන්තුවේදී නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

එසේම පාතාල මර්දනය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනය සම්බන්ධයෙන් ද එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා රටේ අපරාධ වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවත් අවශ්‍ය නම් පසුගිය මාස තුනක කාලය තුළ රටේ සිදුවූ අපරාධ සහ ඒවා සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳ වාර්තාවක් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකි බවත් ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...