සපුගස්කන්ද පිරිපහදුව නැවතත් වසා දමයි !

Date:

සපුගස්කන්ද තෙල් පිරිපහදුව නැවතත් වසා දැමීමට තීරණය කිරීමට සිදුවුණු බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

බොරතෙල් නොමැති වීම හේතුවෙන් අදාළ ප්‍රතිපත්තිමය තීරණය ගැනීමට සිදුවුණු බවයි ඒ මහතා සඳහන් කළේ.

නෞකා දෙකකින් ගෙන්වූ බොරතෙල් යොදා ගනිමින් පසුගිය මාස දෙකක කාලය තුළ සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු පවත්වාගෙන ගිය අතර තුන්වැනි බොරතෙල් නෞකාව පසුගිය දින 10 තුළ මෙරට මුහුදු සීමාවට පැමිණ තිබුණත් එය නිදහස් කරගැනීම සඳහා ගෙවීමට විදේශ විනිමය නොමැති වීම මත මෙම තත්වය උද්ගතව ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් ඉන්ධන සැපයුම මෙතෙක් පවත්වාගෙන ආ ආකාරයට සිදුකළ හැකි බව පැවසූ අමාත්‍යවරයා ඉන්ධන හිඟයක් පිළිබඳ අනිසි බියක් ඇතිකර ගතයුතු නොමැති බවත් පැවසීය.

අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව පැවසුවේ අද (07) පාර්ලිමේන්තුව අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...