තායිලන්තයේ ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ වෙඩි තැබීමෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 37 දක්වා ඉහළට

Date:

ඊසානදිග තායිලන්තයේ හිටපු පොලිස් නිලධාරියෙකු උත්තායි සවාන් නගරයේ ළමා සුරැකුම් ම්‍යස්ථානයකට කඩා වැදී දරුවන්ද ඇතුළුව අවම වශයෙන් පුද්ගලයන් 37 දෙනෙකු ඝාතනය කර තිබේ. මියගිය අය අතර අවම වශයෙන් ළමුන් 23 දෙනෙකු පමණ වන බව වාර්තා වන අතර වයස අවුරුදු දෙකේ කුඩා වින්දිතයන් සමහරක් නිදා සිටියදී පහර කෑමට ලක්ව ඇත.

අපරාධකරු තුවක්කුවක්, පිස්තෝලයක් සහ පිහියකින් සන්නද්ධව, මෙම අපරාධය කර ඇති අතර මෙමඟින් තුවාල සිදුකළ බොහෝ දෙනා මේ වන විට Nong Bua Lamphu දිස්ත්‍රික් රෝහල වෙත යොමු තර ඇත.

අපරාධකරු 34 හැවිරිදි Panya Kamrab නම් හිටපු නිලධාරියකු වශයෙන් හඳුනාගෙන ඇති අතර ඔහු (methamphetamin) මෙතම්ෆෙටමින් නම් මත්ද්‍රව්‍ය භාවිතය සහ විකිණීමට සම්බන්ධ චෝදනා මත පසුගිය ජුනි මාසයේදී සේවයෙන් පහ කර ඇත. මෙම අපරාධයෙන් පසු Panya Kamrab සිය දිවි නසා ගෙන ඇති අතර ඊට පෙර සිය නිවසට පැමිණ සිය බිරිඳ සහ පුතා මරා දමා තිබේ.

මේ සම්බන්ධයෙන් රොයිටර් පුවත් ඒජන්සිය වාර්තා කළේ, තායිලන්තයේ නීති විරෝධී අවි බහුලව දක්නට ලැබෙනමුත් ඒ වෙනුවෙන් නීතියක් බලාත්මක නොවන බවයි.

සශිකලා මධුෂාණී_OBT

සබැඳි ලිපි;

https://outboundtoday.com/%e0%b6%ad%e0%b7%8f%e0%b6%ba%e0%b7%92%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%ba%e0%b7%9a-%e0%b7%85%e0%b6%b8%e0%b7%8f-%e0%b6%af%e0%b7%92%e0%b7%80%e0%b7%8f-%e0%b7%83%e0%b7%94%e0%b6%bb%e0%b7%90/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාවේ වෙන්ඩ කොළඹ නගරාධිපතිනිය අගමැති හරිනි සහ ඇමති වටගල හමුවේ දිවුරුම් දෙයි

ජාතික ජන බලවේගයේ කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂිකාව...

ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය අදයි !

2004 වසරේ සිට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝක රුධිර...

“සීනි බදු වංචාව” : කිසිදු අපරාධමය වරදක් නෑ. නඩුව අවසන් !

2020 වසරේ ඔක්තෝබර් මාසයේදී සීනි සඳහා පනවා තිබූ රුපියල්...

අද (14) දවසේ මි.මී. 100 තද වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 14) දිනයේදී බස්නාහිර, සබරගමුව,...