ජාතික සභාවේ ජාතික ප්‍රතිපත්ති හදන සෙට් එක – ජොනී, රෝහිත, වජිර !

Sri Lankan President Gotabaya Rajapaksa delivers his speech laying out the policies of his new government, after ceremonially opening the new session of parliament, in Colombo, Sri Lanka January 3, 2020. REUTERS/Dinuka Liyanawatte - RC278E9K95XN

ජාතික සභාවේ අනු කමිටු දෙකක් නම්කර තිබෙනවා. එ්, ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා සහ ආර්ථික ස්ථායීකරණය වෙනුවෙනි.

මධ්‍ය හා දීර්ඝකාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම ජාතික ප්‍රතිපත්ති අනු කමිටුවේ කාර්යභාරය වේ.

මෙම කමිටුවේ සාමාජිකයන් ලෙස පවිත්‍රා වන්නිආරච්චි, සාගර කාරියවසම්, වජිර අබේවර්ධන, අසංක නවරත්න, මනෝ ගනේෂන්, රෝහිත අබේගුණවර්ධන, අලි සබ්රි රහීම්, පලනි දිගම්බරම්, රවුෆ් හකීම්, නසීර් අහමඩ්, නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඒ. එල්. එම්. අතාඋල්ලා යන මන්ත්‍රීවරුන් කටයුතු කරයි.

ආර්ථික ස්ථායීකරණ අනු කමිටුවට පැවරෙන වගකීම වන්නේ ආර්ථික ස්ථායීකරණයට අදාල කෙටි හා මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීමයි.

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, වජිර අබේවර්ධන, අසංක නවරත්න, රිසාඩ් බදියුදීන්, පලනි දිගම්බරම්, පාඨලි චම්පික රණවක, සිසිර ජයකොඩි, එම්. රාමේෂ්වරන්, මනෝ ගනේෂන්, ටිරාන් අලස්, නසීර් අහමඩ්, ඒ. එල්. එම්. අතාඋල්ලා යන මන්ත්‍රීවරු මෙම අනු කමිටුව නියෝජනය කරයි.

මෙම අනු කමිටු 02 අද පළමුවරට රැස්වීමට නියමිතය.

UN