ආර්ථික ස්ථායීකරණය වෙනුවෙන් චම්පිකටත් තනතුරක්

Date:

ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පත්කර තිබේ.

ඒ, එම අනුකමිටුවේ පළමු රැස්වීම අද (07) පාර්ලිමේන්තුවේදී පැවැත්වූ අවස්ථාවේදීය.

සභාපති ධූරය සඳහා පාඨලී චම්පික රණවක මහතාගේ නම යෝජනා කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා විසින් වන අතර, එය ස්ථිර කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් සහ නසීර් අහමඩ් යන මහත්වරුන් විසිනි.

මෙහිදී කමිටු සාමාජිකයන් විසින් තේ වගාව දියුණු කිරීම, කිරි නිශ්පාදනය ඉහළ නැංවීම, කෘෂිකර්මාන්තය යළි ප්‍රතිව්‍යුහගත කිරීම, පොහොර නිශ්පාදනය, සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ නව යෝජනා අදී රටේ ඉදිරි ආර්ථික සුරක්ෂිතතාවය සඳහා ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳ සිය අදහස් පළ කරන ලදී.

එහිදී විවිධ විෂය ක්ෂේත්‍රයන්හි විශේෂඥයන් සමග සාකච්ඡා කොට ඒ ඒ ක්ෂේත්‍රයන්ට අදාළ ආර්ථික ප්‍රවර්ධන යෝජනා ඇතුළත් වාර්තාවක් එළඹෙන 20 වැනිදා ජාතික සභාවට ඉදිරිපත් කිරීමටද සමාජිකයින් එකඟ විය.

ඒ අනුව විදේශ විනිමය ගැටළුව, ණය ප්‍රතිව්‍යහගත කිරීම ආදී කරුණු පිළිබඳ විශේෂඥයන් මෙන්ම මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් එළඹෙන 13 වැනිදා කමිටුව හමුවට කැඳවා ඔවුන්ගේ අදහස් ලබා ගැනීමට සමාජිකයන්ගේ එකඟතාවය හිමි විය.

එමෙන්ම, ආහාර, සෞඛ්‍යය, ප්‍රවාහන, බලශක්ති ආදී ක්ෂේත්‍රයන්හි විශේෂඥයන් සහ අදාළ නිලධාරීන් එළඹෙන 14 වැනිදා කමිටුව හමුවට කැඳවා ඔවුන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීමටද මෙහිදී තිරණය විය.

ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුව ලබන 19 වැනිදා ද පැවැත්වීම ද මන්ත්‍රීවරයන්ගේ එකඟතාවය පළවිය.

මෙම රැස්වීමට අමාත්‍ය නසීර් අහමඩ්, රාජ්‍ය අමාත්‍යවරයන් වන සිසිර ජයකොඩි, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන වජිර අබේවර්ධන, එම්. රාමේෂ්වරන්, මනෝ ගනේෂන්, ඒ. එල්. එම්. අතාඋල්ලා සහ රවුෆ් හකීම් යන මහත්වරු සහ පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ටිකිරි ජයතිලක මහතාද එක්ව සිටියහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“විනිවිද කළුවර දිදුලන හදවත” සහ පැමිණි දුක්වල පැණි රස

2025 අවුරුද්දෙ ජුලි 31 හැන්දෑවෙ කොළඹ මහවැලි කේන්ද්‍රයෙ දි...

මහේස්ත්‍රාත් තිලින ගමගේ සේවයෙන් ඉවතට ?

මොරටුව දිසා විනිසුරු / මහේස්ත්‍රාත් වශයෙන් කටයුතු කළ තිලින...

කතරගම දේවාලයේ අක්කර 550 ඉඩමකට කෝටි 2ක බදු පොල්ලකුත් තියා දැදිගමලා ඉල්ලූ අතුරු තහනම ඉවතට !

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයෙන් බදු පදනම මත දැදිගම...

Fun Friday: ජේම්ස් බොන්ඩ් කතා මාලාවේ ඊළඟ පරිච්ඡේදය ගැන ඉඟියක්!

සෑම සිකුරාදා දිනකම “Fun Friday” තුළින් ඔබට Entertainment සතියක...