සියලු බෙදීම් අවසන් කර සැවොම එක්වෙමු ! – ජනපති

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රටක් ලෙස ඉදිරියට යෑමට නම් ජනවාර්ගික සහ ආගමික ගැටලුවලට විසඳුම් ලබා දියයුතු බවත්, එයට කඩිනම් විසඳුමක් ලබා ගැනීම වෙනුවෙන් තමන් සියලු නායකයන් සමඟ සාකච්ඡා කරන බවද, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටී.

පසුගිය සමයේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටීම හේතුවෙන් අත්විඳින්නට සිදු වූ දරුණුම අත්දැකීමට ජාති, ආගම් භේදයකින් තොරව රටේ සියලු ජනතාවට මුහුණ පෑමට සිදුවු බව සිහිපත් කළ ජනාධිපතිවරයා සියලු බෙදීම් අවසන් කර අද රට වෙනුවෙන් සියලුදෙනා එකට එක්ව ඉදිරියට ගමන් කළ යුතු බවද ප්‍රකාශ කළේය.

මඩකළපුව ශාන්ත මයිකල් විද්‍යාලයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව සිසු දරුවන් විසින් මහත් හරසරින් පිළිගනු ලැබූ අතර විද්‍යාලයේ සිසුන් විසින් ජාතික ගීය සිංහල මෙන්ම දමිළ භාෂාවෙන් ද ගායනා කිරීම විශේෂත්වයක් විය.

ජාතික ගීයෙන් ප්‍රකාශ වන්නේ අප සියලු දෙනා එක මවකගේ දරුවෝ බවත්, එබැවින් එය සිංහල භාෂාවෙන් ගායනා කළත් දමිළ භාෂාවෙන් ගායනා කළත් ගැටලුවක් නොවන අතර, අද අවශ්‍යව ඇත්තේ සියලු දෙනා එකට එක්ව එකම ජාතියක් ලෙස ඉදිරියට යාම බව, ඒ පිළිබඳව ද අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේ, බෙදී වෙන් වී එකිනෙකා හා සටන් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව රටක් ලෙස පහතට ඇඳ වැටුණු බවත්, දේශපාලනික වශයෙන් ඇති බෙදීම ශ්‍රී ලංකාව ඉතා අසීරුතාවකට පත් කර ඇති බවත්ය.

රටේ ප්‍රශ්න රට තුළම විසඳා ගත යුතු අතර ඒ සඳහා ජාත්‍යන්තරයට යා යුතු බව තමා විශ්වාස නොකරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මඩකළපුව ශාන්ත මයිකල් විද්‍යාලයට වසර 150ක් පිරීම නිමිත්තෙන් අද (07)

පැවති උත්සවයට එක්වෙමිනි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...