සතුට ශ්‍රී ලංකාවෙන් ජයග්‍රහණයකට වඩා ප්‍රගතියක් පෙනෙන්නට තිබීමයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 08, (LNW) කොළඹ :

මධ්‍යම ආසියානු කණිෂ්ඨ වොලිබෝල් සූරතාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වූ දෙවන තරගය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළා.ලකුණු තත්ත්වය සටහන් වුණේ ලකුණු 25-14,25-14 සහ 25-11 ක් ලෙසයි.නේපාලයට වඩා වෙනස්ම ප්‍රතිපලයක් අත් වුණ මේ තරගාය් දී මාල දිවයිනද නේපාලයට වඩා වෙනස්ම කණ්ඩායමක් ලෙස හඳුනාගැනීම ද වැදගත්.

එහෙත් වැදගත් වන්නේ ශ්‍රී ලංකාව නේපාලයට මුහුණ දුන්නාට වඩා වෙනස් වී තිබීමේ ස්වරුපයයි.ඔවුන් වඩා නිදහස් විය.වඩාත් විශ්වාසවන්ත විය.ඒ නිසා වේගයෙන් පන්දුවට මුහු වී වේගවත් ප්‍රහාරයන් එල්ල කිරීම මෙන්ම ප්‍රතිප්‍රහාර වැළක්වීමත්,උපායශීලීව පන්දුව ප්‍රතිවාදීන්ට යොමු කිරීමත් යන කාරණාවලදී ශ්‍රී ලංකා තරුණයෝ ප්‍රගතියක් පෙන්වූහ.දවසක ඇවෑමෙන් දුටුව මේ වෙනස්කම පරාජයේ කතාබහ යොමු වූ ධනාත්මක තත්ත්වය පිළිබඳව පිළිඹිඹු කිරීමකි.හොඳ ලක්ෂණයකි.මේ ගුණය තරගයක් ඇතුළතදීම වෙනස් විය හැකි මට්ටමට ශික්ෂණයක් සහිත මනසක් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ සිට සියලු දෙනාම අත්පත් කර ගනිමින් ඉදිරියට යන්නේනම් නේපාල පරාජය මේ තරගාවලියේ සිඳු වූ එකම පරාජය කර ගැනීමට හැකි බව ශ්‍රී ලංකාව ඒත්තු ගත යුතුව ඇත.

විශේෂයෙන්ම ඊයේ දිනය තුළ උසබෙකිස්තානය සහ නේපාල තරගයේ ප්‍රතිපලය මෙන්ම ඒ රූප රාමු පිළිබඳව විශ්ලේෂණයක් සහිතව,ශ්‍රී ලංකාව උස්බෙකිස්තානයට එරෙහි තරගයට පිවිසීමත් වැදගත්ය. නේපාලය වට 3-1 න් උස්බෙකිස්තානයට පරාජය වීමේ පණිවිඩය අප පරාජය කළ නේපාලය ද පරාජය කළ හැකි ප්‍රබලයන් පිරිසක් සිටින බව ඒත්තු ගැනීම නොවේය.අපට නේපාලයද පරාජය කළ හැකිව තිබිණි.උස්බෙකිස්තානයද පරාජය කළ හැකිය.ඒ ප්‍රබලතා දුර්වල කරන නිල නිවැරදිව හඳුනා ගෙන සටන් කිරීමෙන් ඒ දේ කළ හැකි බැවින් අපි ඔවුන්ට නොහැකි දේ ම දැන කරමු යන හැඟීමෙන් පිටියට පිවිසිය යුතුය.අවශ්‍යය ඉලක්කය කරා පිවිසීමේ රිද්මය සහ මානසික ඒකාග්‍රතාවය ඔබේ ප්‍රහාර සඳහා ද,ප්‍රහාර වැළක්වීම සඳහා ද මුසු වන්නේ කෙසේද යන්න ජයග්‍රහණයේ සාධකය වනු ඇත.

එසේම ටර්කිමෙනිස්තානය සහ කිර්ගිස්තානය අතර තරගයේ දී ටර්කිමෙනිස්තානය වට 3-0 ක ජයක් වාර්තා කරන්නට සමත් විය.

www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...