හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකුට මාතලේ මහාධිකරණයෙන් වරෙන්තු!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ (LNW):

අද (08) දින, තරග පාවාදීමේ සිදුවීමකට අදාළව සාක්ෂි ලබාදීමට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංගට මාතලේ මහාධිකරණය වරෙන්තු නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඒ, මෙම වසරේ මාර්තු මාසයේ පල්ලෙකැලේ ක්‍රිඩාංගණයේදී නිමාවට පත් වූ “‍ලෙජන්ඩ්ස් ලීග් ”‍ නැමති ක්‍රිකට් තරගාවලියේ මුදලට තරග පාවාදීම සඳහා බලපෑම් කළ බවට උපුල් තරංග මහතා විසින් කළ පැමිණිල්ලකට අනුව විභාග වෙමින් තිබෙන නීතිකෘතයකට අධිකරණය හමුවේ පෙනී නොසිටීමට අදාළවය.

අධිකරණයට දැනුම්දීමකින් තොරව උපුල් තරංග විදෙස් ගතවීම හේතුවෙන් ඔහුව ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කර ඇත. ඔහු විදෙස්ගතව සිටින බැවින් දිවයිනට පැමිණි පසු අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත බව මෝසමක් මාර්ගයෙන් දැනුම්දී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...

2025 තුන්වැනි කාර්තුවේ ආර්ථික වර්ධන වේගය 5.4% ක් !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වර්ෂයේ තෙවන කාර්තුවේ දී ශ්‍රී...

අර්ජුන රණතුංග අත්අඩංගුවට ගන්නා බව අධිකරණයට දැනුම් දෙයි. ධම්මික රණතුංගට ඇප

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ඛනිජ...

ඕස්ට්‍රේලියානු රජයට සහ මියගිය පුද්ගලයින්ගේ පවුල් වලට මාගේ ශෝකය – ජනපති අනුර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : එක්ස් පණිවුඩයක් නිකුත්...