දඟගෙයි දඬුවම් සියුමැලි වැඩි නම් : පුළුවන් නම් මහින්ද රාජපක්ෂව එල්ලලා බලන්න – ඉත්තෑකන්දේ හිමිගෙන් අභියෝගයක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා වත්මන් ආණ්ඩුව දෙස බලාගෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව එල්ලන්නට කතා කරන්නේ කවර හෝ තනතුරක්, වරප්‍රසාදයක් ලබාගැනීමේ අපේක්ෂාවෙන් බව ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි පවසයි.

“එතුමා කාල්ටන් නිවසේ ඉන්නකොට මිනිස්සු එතුමාව බලන්න යනකොට මේකත් දරාගන්න බැහැ. මේක දරාගන්න බැරි තැන අලුතින් පොරක් ඇවිල්ලා කෑගහන්න පටන් ගන්නවා ‘මහින්ද රාජපක්ෂ බෙල්ලෙන් නෙවෙයි එල්ලන්නෙ කකුල් දෙකෙන් එල්ලන්නෙ’ කියලා. මං ඔය කියන ෆීල්ඩ් මාර්ෂල්වරයාට කියනවා පුළුවන් නම් එල්ලලා බලන්න ! මහින්ද රාජපක්ෂ මැතිතුමාවද එල්ලන්නෙ, මිනිස්සු එතකොට එල්ලන්නෙ කවුද කියලා පෙන්නයි. මේ ආණ්ඩුව දිහා බලාගෙන බුරන්නෙ වෙන මොකටවත් නෙවෙයි මස් කටුවක් කොහේහරි ඈතක එල්ලෙනවා පේනවා ඇති. ඒක නිසා ඒ මස් කටුවට ආසාවෙ තමයි ඔය බුරන්නෙ. ෆොන්සේකා ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ”

ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් මේ බව පැවසුවේ ඊයේ (07) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...