ඊශ්‍රායලය ඔක්තෝබර් 7 හමාස් ප්‍රහාරයේ දෙවන සංවත්සරය සමරයි

0
110

සටහන: සශිකලා මධුෂාණි

ඔක්තෝබර් 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : 2023 ඔක්තෝබර් 7 වන දින හමාස් ත්‍රස්ත සංවිධානය විසින් ඊශ්‍රයලට දියත් කරන ලද ප්‍රහාරයේ දෙවන සංවත්සරය ඊයේ(07) දිනයේදී සමරා තිබේ.

හමාස් ප්‍රහාරයෙන් මියගිය ඊශ්‍රායල ජාතිකයින්ගේ පවුල් සඳහා අනුස්මරණ උත්සව රටපුරා සංවිධානය කර තිබු අතර

ප්‍රහාරයෙන් 1,200 කට අධික පිරිසක් මිය ගිය අතර තවත් 251 දෙනෙකු ප්‍රාණ ඇපකරුවන් ලෙස ගාසා තීරයට ආපසු ගෙන යන ලදී.

ඊශ්‍රායලය ඊට ප්‍රතිචාර වශයෙන් ගාසා තීරයට දියත් කරන ලද හමුදා ප්‍රහාර හේතුවෙන් 67,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර ඊශ්‍රායලය පවසන්නේ ගාසා තීරයේ 48 දෙනෙකු තවමත් වහල්භාවයේ සිටින බවත්, ඉන් 20 දෙනෙකු ජීවතුන් අතර සිටින බවත්ය.

ටෙල් අවිව්හිදී ජාතිය අමතමින් අග්‍රාමත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කර තිබුණේ, “අපේ ලේ පිපාසිත සතුරන් අපට තදින් පහර දී ඇති නමුත් ඔවුන් අපව බිඳ දමා නැති බවයි.

මෙහිදී යුද්ධයේ සියලු අරමුණු සාක්ෂාත් කර ගැනීමට පොරොන්දු වූ අග්රාමත්යවරයා පැහැරගත් සියලු දෙනා නැවත පැමිණීම, හමාස් පාලනය මුලිනුපුටා දැමීමට පොරොන්දු විය.

මේ සම්බන්ධයෙන් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා තිබුණේ, මෙම ඛේදජනක ගැටුම අවසන් කිරීමට සාම සැලැස්මට එකඟ වන ලෙසයි.