හිමාචල් ප්‍රදේශයේ සිදුවූ දැවැන්ත නාය යාමකට හසුවූ බස් රථයක සිටි 18ක් ජීවිතක්ෂයට!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඉන්දියාවේ බිලාස්පූර් දිස්ත්‍රික්කයේ හිමාචල් ප්‍රදේශයේ සිදුවූ දැවැන්ත නාය යාමකට හසුවූ බස් රථයක සිටි පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

එම අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 30ත් 35ත් අතර පිරිසක් සිට ඇති බවට වාර්තා පළ වේ.

මෙම අනතුරින් මේ දක්වා දිවි බේරා ගැනීමට හැකි වී ඇත්තේ තිදෙනෙකුගේ පමණයි. ඉන්දීය බලධාරීන් අනතුරු අඟවා ඇත්තේ, සිද්ධියෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවටයි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, මෙම බස් රථය හර්යානාවේ රොහ්ටැල් සිට ගුමර්වින් ප්‍රදේශය දක්වා ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක්ව තිබෙන අතර, මාර්ගයේ ගමන් ගනිමින් තිබූ එම බස් රථය මතට එක්වරම කන්දක් කඩා වැටී බස් රථය එයට යටවී ඇති බවයි .

අනතුරට පත්වූ බස් රථයේ පිරිස් මුදා ගැනීම සඳහා දැවැන්ත මෙහෙයුමක් ද දියත් කෙරුණ අතර, මියගිය අයගේ පවුල්වලට රුපියල් ලක්ෂ 02ක වන්දියක් සහ තුවාල ලැබූවන්ට රුපියල් 50,000ක වන්දියක් ලබාදෙන බව, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත්ගේ උපන්දිනය අද. සජබ – එජාප සමගියට නව බලාපොරොත්තුවක් ?

සමගි ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...

CIDය කොළඹ ජාතික රෝහලේදී රනිල්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ජාතික රෝහලේදී හිටපු ජනාධිපති රනිල්...

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...