සෑම අංශයක්ම ආවරණය වන පරිදි කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට ඇඟිලි සලකුණු යන්ත්‍ර!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW :

සෑම අංශයක්ම ආවරණය වන පරිදි කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින්ගේ පැමිණිමේ හා පිටවීම සලකුණු කිරිම ඇඟිලි සලකුණු යන්ත්‍ර මගින් සිදු කිරීමට පියවර ගෙන ඇති බව, තැපැල්පති රුවන් සත්කුමාර මහතා සඳහන් කළේය.

තැපැල්පතිවරයා ප්‍රකාශ කළේ, ඒ අනුව ඉදිරියේදි අතිකාල ගණනය කිරීම් එහි සටහන් වන දත්ත මත සිදු කරනු ඇති අතර, සියලු පාලන කාර්යාලවලද මේ වනවිට ඇඟිලි සලකුණු යන්ත්‍ර ස්ථාපිත කර ඇති බවයි.

තවද, තැපැල් දෙපාර්තමේන්තුවේ සියලු පළාත් කාර්යාල, හා තැපැල් කාර්යාලවලද ඇඟිලි සලකුණු යන්ත්‍ර පිහිටුවීමට කඩිනමින් කටයුතු කරන බව තැපැල්පතිවරයා සඳමන් කළේ ය විගණකාධිපතිවරයාගේ විගණන වාර්තාවල නිර්දේශ පදනම් කර ගනිමින් ඇගිලි සලකුණු යන්ත්‍ර පිහිටුවීමට පියවර ගෙන තිබෙන බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...