K- Pop සහ හොලිවුඩයේ සංගීතමය අත්දැකීම් සම්මිශ්‍රණය වෙන Jisoo-Zayn අලුත්ම පෙරළිය කෙබඳු වේද?

Date:

සටහන – පුලී

ඔක්තෝම්බර් 08, කොළඹ (LNW):  මියුසික් ඉන්ඩස්ට්‍රියේ පැවති නොයෙකුත් අනුමාන කිරීම් වලින් පසුව, BLACKPIN K-Pop සංගීත කණ්ඩායමේ සාමාජික ජිසෝ අවසානයේ දී, හිටපු One Direction සාමාජික මෙන්ම තරුණියන් අතර වඩාත් ජනප්‍රියත්වයට පත්ව සිටි නමුත් මෑත කාලීනව හාවක් හූවක් නොතිබුණු Zayn Malik සමඟ සංගීතමය සම්බන්ධතාවක් ඇති කරගෙන ඇති බව දැක ගන්නට හැකි විය.

මීට පෙර, Zayn මෙම BLACKPINK කණ්ඩායමේ තවත් සාමාජිකයෙකු වන රෝස් සමඟ සහයෝගීතාවක් ඇති කරගනිමින් කටයුතු කරන බවට සමාජ මාධ්‍ය තුළ වැඩි කතාබහට නතු වූ නමුත් දැන් නව නිවේදනය මඟින් නව රැල්ල මෙහෙයවන තැනැත්තිය ලෙස ජිසූ හෙළිදරව් කර ඇත.

තරු දෙපළ නිකුත් කළ සමාජ මාධ්‍ය සටහනකට අනුව, රසිකයින්ට ඔක්තෝබර් 10 වන දින නව නිර්මාණයක් අත්විඳීමට හැකි වනු ඇතැයි ඉන් පැහැදිලි විය. “Eyes Closed” නමින් එන මේ නව අත්දැකීම රසික පිරිස කෙසේ වැළද ගනු ඇත් ද?

Jisoo ගේ පිටුපසින් Zayn Malik හිටගෙන, ඇගේ උරහිසෙන් එහා කොට්ස දෙස බලමින් මෙන්ම, Jisoo දෑස්වල දැල්වූ ආශාවෙන් යුතුව ඉදිරිය දෙස බලා සිටින නව ඡායාරූපයක් ද සමගින් ඔවුන් මෙම නවතම තතු සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා ගත් හ.

විවිධ සංගීත ශෛලීන් සමඟින්, ගායක ගායිකාවන් දෙදෙනාගේ සංගීත හැකියාවන් වාර්තාගත ලෙස මුහු වන ආකාරය දැකීමට හැකිවීමම අමුතුම රහක් සංගීත ලෝකය තුළට ගෙන එනු ඇතැයි විශ්වාස ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බිත්තියේ උපද්දවන මායාවන් රටින් රටට ගෙනෙන කලාත්මකභාවය!

සටහන – පුලී නොවැම්බර් 07, කොළඹ (LNW):  ඉබිසා හි වෙරළබඩ...

සෑම අතින්ම පිරිසිදු රටක් බිහි කිරීමේ කාරණය යථාර්තයක් කරනවා – ජනපති : 2026 අයවැය

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : මුදල් අමාත්‍යවරයා ලෙස...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ රාජ්‍ය ආයතනවලට අලුතින් වාහන මිලදී ගැනීමට රුපියල් මිලියන 12500ක් !

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ධුර කාලය අවසානයේ නැවත භාරදීමේ පදනම...

අතේ ඇති දෙයින් හිතේ හැටියට ගත් ඡායාරූපයකටත් සම්මාන!

සටහන – පුලී නොවැම්බර් 07, කොළඹ (LNW): මැජික් ලෝකයක් නිර්මාණය...