මත්තල ගුවන්තොටුපොළේ වනජීවි කාර්යාලයක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08 කොළඹ LNW :

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටු පොළ සඳහා අපගමන බද්දට අදාළව ප්‍රදානය කර ඇති සහන කාලය දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව 2025-01–06 දින අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබ ඇති තීරණයක් පරිදි මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත නිශ්චිත කාලසටහන්ගත ගමන් වාර ක්‍රියාත්මක කරනු ලබන ගුවන් සේවා අපගමන බද්දෙන් නිදහස් කරනු ලැබ ඇත. 

එම බදු සහනය යටතේ ඇතැම් ගුවන්සේවා විසින් මේ වන විටත් එම ගුවන්තොටුපොළ වෙත සහ ඉන් පිටතට නිශ්චිත ගුවන් ගමන් වාර සහිතව ජාත්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක කර ඇති අතර, ඇතැම් ගුවන් සේවා එම ගුවන්තොටුපොළ වෙත ගුවන් ගමන් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා සිය අභිලාෂය ප්‍රකාශ කර තිබේ.

එම අපගමන බදු සහනය තවදුරටත් පවත්වාගෙන යාම මඟින් තරගකාරීත්වය ඉහළ නැංවීම හරහා එම ගුවන්තොටු පොළ වෙත නව නිශ්චිත ජාත්‍යන්තර ගුවන් සේවා ආකර්ශනය කර ගැනීමට හා පවතින ජාත්‍යන්තර ගුවන් ගමන් මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. 

ඒ අනුව, දැනට ක්‍රියාත්මක වන අපගමන බදු නිදහස් කාලසීමාව 2027-06-26 දින දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

තවද, මත්තල ගුවන්තොටුපොළේ වනජීවි කාර්යාලයක් ස්ථාපිත කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මත්තල ගුවන්තොටුපොළ පරිශ්‍රය තුළට වනඅලි ආදී වනජීවීන් වරින්වර ඇතුළු වීම මෙන්ම එහි පිවිසුම් මාර්ග හරහා මාරුවීම වැනි ක්‍රියාකාරකම් හේතුවෙන් ගුවන්තොටුපොළෙහි යටිතල පහසුකම්වලට හානි සිදුවන අවස්ථාවන් බහුල වන අතර, එහි මෙහෙයුම්වලට ද බලපෑම් ඇති වී ඇතැයි රජය පවසයි.

එලෙස යටිතල පහසුකම්වලට සිදුවන හානි පිළිසකර කිරීමට සීමාසහිත ගුවන්තොටුපොළ හා ගුවන් සේවා ( ශ්‍රී ලංකා පෞද්ගලික) සමාගමට දැරීමට සිදුවන පිරිවැය සැලකිය යුතු තරම් ඉහළ වන බව ද හඳුනාගෙන ඇත. 

එබැවින්, එවැනි වනසත්ව තර්ජන කල්තියා හඳුනාගෙන නිසි පරිදි කළමනාකරණය කර ගනිමින් ගුවන් මගීන්ගේ, ගුවන්තොටුපොළ කාර්ය මණ්ඩලයේ සහ ගුවන්තොටුපොළෙහි යටිතල පහසුකම්වල ආරක්ෂාව තහවුරු කිරීමටත්, ගුවන්තොටුපොළ මෙහෙයුර්වල සිදුවිය හැකි ප්‍රමාදයන් සහ අවහිරතාවන් අවම කර ගනිමින් නිර්බාධිත ගුවන් සේවාවක් පවත්වාගෙන යාමටත් හැකි වන පරිදි මෙම වනජීවි කාර්යාලය ස්ථාපිත කිරීමට පරිසර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බිත්තියේ උපද්දවන මායාවන් රටින් රටට ගෙනෙන කලාත්මකභාවය!

සටහන – පුලී නොවැම්බර් 07, කොළඹ (LNW):  ඉබිසා හි වෙරළබඩ...

සෑම අතින්ම පිරිසිදු රටක් බිහි කිරීමේ කාරණය යථාර්තයක් කරනවා – ජනපති : 2026 අයවැය

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : මුදල් අමාත්‍යවරයා ලෙස...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ රාජ්‍ය ආයතනවලට අලුතින් වාහන මිලදී ගැනීමට රුපියල් මිලියන 12500ක් !

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ධුර කාලය අවසානයේ නැවත භාරදීමේ පදනම...

අතේ ඇති දෙයින් හිතේ හැටියට ගත් ඡායාරූපයකටත් සම්මාන!

සටහන – පුලී නොවැම්බර් 07, කොළඹ (LNW): මැජික් ලෝකයක් නිර්මාණය...