ප්‍රතිපත්ති සම්පාදනය වෙනුවෙන් නාමල් රාජපක්ෂටත් තනතුරක් !

Date:

කෙටි, මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනාගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පත්කර තිබේ.

ඒ, එම අනුකමිටුව ඊයේ (07) පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අවස්ථාවේදී ය.

එම සභාපති ධුරය සඳහා නාමල් රාජපක්ෂ මහතාගේ නම යෝජනා කර ඇත්තේ සාගර කාරියවසම් මහතා විසින් වන අතර එය ස්ථිර කර ඇත්තේ අලි සබ්‍රි රහීම් මහතා විසිනි.

එහිදී රාජ්‍ය පරිපාලනය, සෞඛ්‍ය ප්‍රතිපත්ති, අධ්‍යාපන ප්‍රතිපත්ති, ධීවර හා ආහාර ප්‍රතිපත්ති, විදුලිබල හා බලශක්ති ප්‍රතිපත්ති, දේශගුණික විපර්යාස පිළිබඳ ප්‍රතිපත්ති සහ ව්‍යවසායකත්වය පිළිබඳ ප්‍රතිපත්ති නවීකරණය සඳහා අදහස් හා යෝජනා ලබාගැනීමට අදාළ ක්ෂේත්‍රයන්හි විශේෂඥයින් අනුකමිටුව හමුවට කැඳවීමට සියලු සාමාජිකයින් එකඟ වී තිබේ.

එමෙන්ම එම අදහස් හා යෝජනා අනුව කෙටි කාලීන යෝජනා මාසයක් ඇතුළතත්, මධ්‍යම කාලීන යෝජනා මාස දෙකක් ඇතුළතත්, දීර්ඝ කාලීන යෝජනා මාස තුනක් ඇතුළතත් ජාතික සභාව වෙත ඉදිරිපත් කිරීමටත් සාමාජිකයින් එකඟ වී ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිහින පාසැල අපි යතාර්ථයක් කරනවා – අගමැතිනිය සහතික වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:'සිහින පාසලක්' කරා යන සැලසුම ක්‍රියාත්මක කිරීම...

ඔබත් කාර්‍යබහුල අයෙක් නම් …මේ සරළ ආහාර ක්‍රම ඔබටමයි…

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ LNW : විනාඩි දහයකට අඩු...

අපිට ඕනේ රජය ප්‍රබල ආයෝජකයෙක් ලෙස ස්ථාවර කරන්න – ලාල්කාන්ත

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජය ප්‍රබල ආයෝජකයෙක් ස්ථාවර කිරීමේ අවශ්‍යතාව...

පලස්තීන මාධ්‍යවේදී Bisan Owdaට ටික්ටොක් තහනමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ...