මහින්ද කළුතරින් නැගිටියි ! (VIDEO)

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (08) කළුතරදී හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජන රැළියක් පවත්වා තිබේ.

“එක්ව නැගිටිමු – කළුතරින් පටන්ගමු” මැයෙන් පැවති මෙම රැළිය සංවිධානය කර තිබුණේ හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා විසිනි.

රටේ උද්ගතවූ ජනතා අරගලය හමුවේ පසුගිය මැයි 09 වනදා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා ප්‍රසිද්ධ දේශපාලන වේදිකාවකදී ජනතාව ඇමතීමට මෙසේ පැමිණියේ පළමු වරට ය.

එහිදී කෙටියෙන් ජනතාව අමතා අදහස් පළ කළ ඒ මහතා මේ වනවිට අභියෝග රාශියකට තමන් මුහුණ දෙමින් සිටියත් ඒ අභියෝග සියල්ල ජයග්‍රහණය කිරීමට අවශ්‍ය ශක්තිය තමන් සතුව ඇති බවයි සඳහන් කළේ.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ රෝහිත අබේගුණවර්ධන, නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සාගර කාරියවසම්, පියල් නිශාන්ත ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැඹුරු පීඩන අවපාතය ත්‍රිකුණාමලයට කිලෝමීටර් 50ක් නුදුරින්

සටහන - රුවන් නෙළුගොල්ල නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින...

දෙහිවල වෙඩිතැබීමක්. හෝටල් හිමිකරුවෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල දෙහිවල මුහුදු මාවත ප්‍රදේශයේ පිහිටි හෝටලයක්...

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...