ගෝල්ෆේස් අරගලය ෂුවර් නෑ, මොකා පාවාදෙයිද දන්නෑ කියලා අපි මුලදීම කිව්වා – ලාල්කාන්ත

Date:

නායකත්වක් නොමැති ගෝල්ෆේස් අරගලය කොතැනින් කෙළවර වනු ඇත්ද යන්න හෝ කවුරුන් විසින් පාවාදෙනු ඇත්දැයි යන්න පිළිබඳ විශ්වාසයක් නොමැති යැයි තමන් එය ආරම්භයේදීම ප්‍රකාශ කළ බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

“දැන් මේ පාර්ලිමේන්තුව වටකරලා කේස් එකක් දාලා දැන් රනිල් අත් අඩංගුවට ගන්න ඉන්නෙ මාවත්. ගුරුවරු හැටියට ඕගොල්ලොත් එහෙම තමයි, පාරවල් ගාණෙ පහුගිය ටිකේ හොඳ නැටිල්ලක් නැටුවා. හැබැයි කියන්න ඕනෙ ලංකාවේ කම්කරු පන්ති ව්‍යාපාරයට, වැඩකරන ජනතා ව්‍යාපාරයට නායකත්වයක් එක්ක සාමුහිකත්වය තුළින් ජයග්‍රහණය ලබන්නෙ කොහොමද කියලා මෑත යුගයේ ඉගැන්වුවේ ගුරු පරපුර කියලා අපි ලංකාවේ වැඩකරන ජනතාවට කියන්න කැමතියි. ගෝල්ෆේස් අරගලය වැටුණේ ඒකට නායකත්වයක් නැති නිසා. පටන් ගන්න කොටම අපි කිව්වා නායකත්වයක් නැති අරගල කොහෙන් කෙළවර වෙයිද, මොකා පාවාදෙයිද, කොතනින් කොතනට යයිද කියලා කියන්න බෑ කියලා ගෝල්ෆේස්. අපට ඒ දවස්වල විවේචන කළා. අරමුණක් නැතිව හරියට නායකත්වයක් නැතුව කිසිදෙයක් කරන්න බෑ”

කේ. ඩී. ලාල්කාන්ත මහතා මේ බව පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ ලංකා ගුරු සේවා සංගමයේ සමුළුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙක්සිකෝවේ ගොවිපලකින් රහසිගතව පුළුස්සන ලද මෘත ශරීර රැසක් සොයා ගැනේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මෙක්සිකානු ප්‍රාන්තයේ ජාලිස්කෝ...

තණ්හාය ජායතී සෝකෝ තණ්හාය ජායතී භයං ….

මගේ ජීවිතේ තරුණ කාලේ ජ.වි.පෙ. න් ලැබුන රළු භෞතිකවාදී...

වැසි තත්වයේ වෙනසක් – අද (30) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 30) දිනයේදී බස්නාහිර, සබරගමුව...