*
Wednesday, May 14, 2025
spot_img

Latest Posts

මේ මොහොතේ සමස්ත ක්‍රීඩාව ගැන සිතිය යුතු ඉඟි කිහිපයක්

මේ දවස්වල ලංකාවේ ක්‍රියාත්මක එකම ක්‍රීඩාව මලල ක්‍රීඩාවය.ක්‍රිකට් ක්‍රීඩාව නහරවල ලේවලට කළවම් වෙච්ච මිනිස්සු ඉන්නෙ ලේ විෂ වුණ ගානටය.ඒ විෂ වල වේදනාව වෙනදාට වඩා තදින් සමාජය මත විසිරෙමින් තිබෙන බව දැකිය හැක්කේ සමාජ මාධ්‍ය නිසාය.ඒත් ඒ විග්‍රහයන් තම නැණ පමණින් නිසා හැදැරීම් සහිත විශ්ලේෂණ සිඳුවන්නේ අඩුවෙන්ය.කෙසේ හෝ වැල යන පැත්තටම පල නෙලාගන්න දන්නා ක්‍රිකට් මේ වන විට රටේ ජාතික වීරවරිය වී සිටින තරුෂි කරුණාරත්නට මිලියන 10 ක් දෙන්න පොරොන්දු වී අවසන්ය.ඔක්කොම තරුෂිටය.තරුෂි ගැන නොදන්නා කාලෙත් ඇයව දැන සිටි අපට ඒ ගැන සතුටුය.අප ඇය ගැන කියූ පළමු මොහොතේම,ඇයට බාධා එල්ල වන පළමු මොහොතේම බලධාරීන් ඇයව හඳුනාගත්තේ නම් සමහර විට ඇය චීනයට එන්නේ වෙනත් රටක සිට වන්නට තිබිණ.ප්‍රතිපලයේ වර්ගපලය මීටත් වඩා වෙන්නත් තිබිණි.ඇත්ත එබඳුය.

ක්‍රිකට් ආයතනය සාමාන්‍යයෙන් උපකාර කරන බව අපි දනිමු.නිලධාරින්ගේ අතේ සල්ලි එකතු කර මලල ක්‍රීඩාව කණිෂ්ඨ සංචාරයක් යන්න හදන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ඊට අත දුන්නේය.නමුත් ඒ සල්ලි ක්‍රිඩා අමාත්‍යංශය හරහා ආ යුතු බව කියමින් ක්‍රීඩා අමාත්‍යංශයට ගෙන්නා ගත්තේය.ඉන් පසු එම මුදල් මලල ක්‍රීඩා සංගමයට එව්වේ නැත.මුදල් අමාත්‍යංශයේ රවුම් ගසා මාස ගණනක් ගත වී හිතන හැටියට අදද ලැබී නැත.අමාත්‍යවරයා තමන්ගේ නායකත්වයෙන් යුත් අමාත්‍යංශය ඒ ආකාරයෙන් දක්වන ලද විශාල සහය ගැන උද්දාමයෙන් තරුෂිට සහ සුසන්තට හේත්තු වී සිටින ඡායාරූප අපි දකින්නෙමු.ඇත්තටම මලල ක්‍රිඩාව ගැන දන්න ලෝක මට්ටමේ ක්‍රිඩිකාවක් එතුමාට උපදෙස් දෙන්නද සිටින නිසා පසුගිය කාලයේ මලල ක්‍රීඩාවේ දරාගැනීම හොඳටම ඉහළ ගියේය.සමහර අවස්ථාවක තරුෂිට පදක්කම් අහිමි වන්නට තරම් හේතු ඇති විණි.ඒ පළපුරුද්ද සහිත අය නිවැරදිව තරග කාල සටහන් බලා ඇමතිවරයාට දෙන උපදෙස් නිසාය.ඒ ගැම්ම හොදින්ම තේරුම් අරගෙන කරපු වැඩ ගැන විශාල ආඩම්බරයකින් ඇමති සිටින බව අපි ඡායාරූපවලින් දුටුවෙමු.

ලංකාවේ දේශපාලනය මාරය.ඕනෑම කක්කා ගොඩක් ආධාරකාරයාට සුවඳය.ඒ නිසා ගෙනත් මල් ගසා සරසා තැබීම පුරුද්දය.අමාත්‍යවරයා සහ තරුෂි සම්බන්ධ ඡායාරූපයද ඒ ආකාරයට වචන මල් ගසා සභාවන් මැද්දේ තබන්නට ආධාරකරුවන් ගන්නා උත්සාහය අසූචි ගැන නොදැන සිටි අය පවා දැන ගන්නට හේතුවීම මාරය.මේ ලංකාවේ දේශපාලකයාගේ උද්ධච්ඡකමට වඩා ඔහු විසින් ඇති කරගෙන තිබෙන ගොබ්බ ආධාරකරුවාගේ හැදෑරීමක් නැති ප්‍රශස්ති ගායනාවල ප්‍රතිපලය.

දැන් තරුෂිගෙන් ඈත් වී බලන විට හෙට ඔවුන් ලංකාවට එද්දී ලංකාවේ ඇරඹෙන සුවිශේෂි වොලිබෝල් තරගාවලියක්ය.මධ්‍යම ආසියානු වොලිබෝල් සූරතාවලියේ වත්මන් සූරතාවය ඇත්තේ ද ශ්‍රී ලංකාවටය.ඒ නිසා ශ්‍රී ලංකාව තරගාවලියට එන්නේම සූරයන් ලෙසය.සූරතාවය රැක ගැනීමට උත්සාහ දැරීමට මෙන්ම වත්මන් සූරයන්ගේ රටේ පවත්වන තරගාවලිය පැහැබර පෙණුමකින් පවත්වා ගැනීම රටේ වගකීමය.පවතින්නේ රටේ බැවින් ජය පරාජයට වඩා ඉහළ ගිය වගකීමක් දේශීය සමාජය වෙත පැවරි ඇත.
නමුත් ඇත්ත තත්ත්වය ව්‍යාපාරිකයන්ට අමාරුය.වොලිබෝල්වලට පනත් නැත.මිලයන විස්සක් පමණ වන මුදලක් යනු රටක ජාතික ක්‍රීඩාව වන ක්‍රිඩාවක පරිපාලනයට සරල දෙයක් විය යුතුය.එහෙත් එවැනි වත්කමක් නැත.දැනට තමන්ට කියා බිමක් පවරා නොනැවතී ක්‍රිඩා අමාත්‍යංශයෙන් තව දුරටත් ලියන බව අපි දනිමු.ඒ ඒ බිම නොමිලේ පරති්‍යාග කරන ලෙස ඉල්ලා සිටින්නටය.ලංකාවේ දේශපාලනයේ හැටි අපි දනිමු.ඒ නිසා එවැනි ඉල්ලීම් ඒම පුදුම නැත.එහෙත් ක්‍රීඩාවට බරක් නොවෙන්නට ඒවා එනවානම් යහපත්ය.අඩුම තරමේ සියයට 60 ක මුදලක් ලෙස හෝ ඒවා අරුත් ගැන්විය යුතුය.එහෙත් නොවන්නේ එයය.

මේ තත්ත්වය යටතේ වොලිබෝල් නම් ජාතික ක්‍රීඩාවට ආශිර්වාදයක් වන තරමටම පරිපාලනය කරන්න ගිය විට එම ස්තානය නඩත්තු කරන්න වැය කරන මුදල සෙවීම වාතයක් වී ඇති බව දකින්නට ඇත.වාතයක්නම් ඒක ගමු වගේ උපදෙසක් දිය හැකි මට්ටමේ උපදේශකයෙක් මේ වචන දුටුවහොත් පනිනු ඇත.ඒත් වැඩේ රටේ ක්‍රීඩා අමාත්‍යංශය කරන හොඳ කම නරකක් නොවන්නට රැක ගැනීමය.එයට නොමිලේ දෙන්න යවන ලියුම් නැවත්විම මෙන්ම වොල්බෝල් සංගමයටද ඒ ස්ථානය පිටතින ඇති මීටර් 400 ධාවන පථය ක්‍රීඩා ඇකඩමි සඳහා පුහුණුවට යම් මුදලකට දීමේ ඉඩ ඇත.නැතිනම් පාසල්වලට ද ලබා ගැනීමට ඉඩ ඇත.ඒවා තණකොළ කපන්නට මුදල් වැය කර වොලිබෝලයට වැය කළ යුතු මුදල් වැය නොකර උපවන තත්ත්වයට පත් කළ යුතුය.

එසේම මේ වන විට සුගතදාස ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගෙන පවත්වන ක්‍රීඩා උළෙලවලදී විශාල ගැටළු ගණනකට අනුග්‍රහයන්ට මුහුණ දෙන්නට සිඳුවන බැවි ඇතැම් ක්‍රිඩා සංගම් ඔස්සේ වාර්තා වේ.ඒ මේ වන විට සුගතදාස සේවක සුබ සාධනයම ආපන ශාලාව කරගෙන යන බැවින් වෙනත් විකිණීම් කිරීමට අවසර ගැනීමට සෑහෙන බලපෑමක් එල්ලවන බැවිනි.මන්ද අනුග්‍රහ ආයතන මී කඩන්නේම අත ලෙව කන්නට නොවන බවත්,සුගතදාසය ජාතික මට්ටමේ මලල ක්‍රිඩා තරග සඳහා ඇති හොඳම තැන බවද අප අමතක නොකළ යුතුය.

එහි සේවකයන්ගේ මෙන්ම රටේ පුරවැසියන්ගේද සුගතදාසය රැක ගැනීමේ ප්‍රධාන වගකීම වන්නේ රටේ ක්‍රීඩාවේ අභිවෘද්ධිය පිණිසය යන්න තේරුම් ගැනීම වැදගත්ය.සේවක වරප්‍රසාද කප්පාදු වී ඇති වටපිටාවක සහ වැටුප යන්න ජීවත්වීමට ප්‍රමාණවත් නොවීමේ ඛේදවාචකයද මෙහිදී සේවකයන් පැත්තෙන් තේරුම් ගත යුතු ඇත්තය.එසේම දැනට ආපන ශාලාව පවත්වාගෙන යාමේ ස්වභාවයේද යම් ප්‍රියමනාප ගතියක් ඇති බැවින් එයද වැදගත්ය.
එහෙත් ක්‍රිඩා උළෙලකදී අනුග්‍රහයන්ට බාධා කිරිම් වැරදිය.නැවත ක්‍රිඩාංගණයට කරන ගෙවීම් වලින් පසුව විවිධ දේ සඳහා ගෙවීම යෝජනා කිරීම වැදගත් නැත.එසේම මේ තරග කරන ක්‍රිඩා සංගම් පිටතින් ගෙනෙන යම් වෙළද කුටියක් වේනම් ඊට ආයතනය ඇතුළේ මිලක් නියම කිරිමට සුගතදාසයට අයිතියක් තිබිය හැකිය.ඒත් ඒ මුළු මුදලෙන් සියයට 25 ක් හෝ අදාළ ක්‍රිඩා සංගමයට ගෙවිය යුතුය.එසේම එම මිල වෙළද කුටිවල ව්‍යාපාර කළ හැකි මට්ටමටය.ඒ වගේම වෙළද කුටි දෙකක්වත් ක්‍රීඩා සංගමයට අලෙවි කරන්නට ඉඩ තිබිය යුතුය.ඒ ක්‍රිඩා පිටිය ලබා ගැනීමේ කොන්දේසියක් ලෙස ඇතුළත් විය යුතු කරුණක්ය.

මේ අමාරු තත්ත්වයට සේවකයන්,ආයතන මෙන්ම ක්‍රිඩා සංගම් ද මුහුණ දි සිටින බව අපි දැනගත යුතු වන්නෙමු.මේ වන විට ක්‍රීඩා උළෙල දවසක ව්‍යාපාර කුටි සඳහා එක් සිමාවක් වෙන් කර තැබිය යුතුය.හැමතැනම බීම ලොරි,අයිස්ක්‍රීම් ලොරි,නූඩ්ලස් ලොරි නැවත්වීම පෙණුමට කැතය.ඒක සංවිධායකයින් මෙන්ම අධිකාරි පරිපාලනයද තේරුම් ගත යුතුය.
මේ වන විට භාවිතය අතහර තිබෙන වෙළද කුටි ක්‍රිඩා උත්සවයක් අවස්ථාවේදී භාවතා කළ හැකි ආකාරයට එම උථ්සවයේ සංවිධායකයින්ට විකිණීමට පැවරිය හැකිය.එයින් ප්‍රතිශතයක් අධිකාරියට හෝ සේවක සුබ සාධන සමිතියට එන ආකාරයටය.සුබ සාධනයට එන්නේනම් ඒවා අලුත් වැඩියා කර යහපත් තත්ත්වයෙන් නඩත්තු කිරීම එම සමිතියට පවරා දිය හැකි අතර එහි අඩු පාඩු දෝෂ සම්බන්ධයෙන් වගකීම ද පැවරිය යුතුය.සුබ සාධක සමිතියෙන් එම කාරණය ඉටු කර දෙන්නේනම් කොන්දේසියක් ලෙස අවශ්‍ය රාජකාරි මොහොතට අවශ්‍යය සේවකයින් ප්‍රමාණය යෙදවීමට බාධාවක් නොවන ලෙස යන කොන්දේසියද මුල සිටම පවරා තිබීමෙන් එහි ප්‍රතිපල දීර්ඝකාලීනය ක්‍රීඩාවට බාධාවක් නොවන තත්ත්වයේම පවතින්නට හේතු වෙනවා ඇත.

දන්නා තරමින් සුගතදාස ක්‍රිඩාංගණයේ සේවක හිඟයක්ද මතු වෙමින් ඇත.ඒ තත්ත්වයද අවධානයට ලක් කළ හැකිය.එය උපයන්නට අවශ්‍යය ආකාරයට වානිජමය වටිනාකම ක්‍රීඩාවට සම්බන්ධ ආකාරයට ලබා දෙන තැනක් බවට පත්විය යුතුය.මේ වන විට සුගතදාස හෝටලයේ මත්පැන් අලෙවිය සඳහා වැඩ සැළසෙමින් තිබෙන අතර එය ක්‍රීඩාව ආස්වාදනය කරන අයගේ අයිතියට වැදගත්ය.එමෙන්ම ආයතන නඩත්තුවට විශාල මුදලක් ලැබෙන අවස්ථාවක්ය.ගාමිනි ලොකුගේ සමයේ සිටම සුගතදාසය වටේට ඇති ඉඩ උස් බැමි වෙනුවට සාප්පු සඳහා යොදන්නට යෝජනා කළ ද තවමත් එය සිඳු වී නැත.ක්‍රිඩාවට සම්බන්ධ විය හැකි උප ආයතන අතරට ලයන් බෘවරි වැනි ආයතනද ගෙන ආ හැකිය.එසේම ක්‍රීඩා භාණ්ඩ.ශක්තිජනක පාන,ආහාර ලෙස විවිධ දේ මෙන්ම ආහාර පාන සහිත කඩසැල් ද පිටතට දොරටු වැටෙන සේ ඉදි කර දිය හැකිය.අවශ්‍යයනම් හෝටලේයම දිගුවක් ලෙස ඊට වඩා පහසුවෙන් ලබා ගත හැකි කාමර පද්ධතියක්ද ඉදි කළ හැකිය.

එවැනි දේ සඳහා ටෙණ්ඩර් කැදවා වසර ගණනකදී පමණ ගෙවි යන ලෙස සහ මසකට යම් ගණනක් බිම් කුලියට ලැබෙන ආකාරයට ගිවිසුම්ගත වන්නට හැකිවන සේ කොන්දේසි සකස් කර පෞද්ගලික අංශයට ආරාධනා කළහොත් මෙය සුගතදාසයට මහත් පිටුවහලක් විය හැකිය.ආර්ථික අරුබූදයට අසු වී තිබෙන ක්‍රිඩා සංගම්වලට උපයන්නට හැකි ලෙස ස්ථාන ස්ථාපිත කර දිය යුතුය.මලල ක්‍රිඩා සංගමය දැන් ටොරිංටන්යේ හුණ්ඩුවට ගෙන එන්න පෙර එහි තිබූ අවන්හලෙන් හොඳ ආදායමක් ලබන්නට ඇති බව පැහැදිළිය.මේවා අවධානයට යොමු කර අමාත්‍යංශය,ක්‍රීඩා සංගම්,සුගතදාස අධිකාරිය වැනි ආයතන එක තැනක සිට කමිටු පත් කර කතා කළ යුතු දේ ය.උපයන්න මාර්ග හද තෙක් ලංකාවේ ක්‍රීඩා සංගම්වලට අමාත්‍යංශය දෙසට හැරුණු කැටවල කට මෙන් හැසිරෙන්නට සිඳුවන බව අපි දනිමු.මේ තත්ත්වය වෙනස් කරන්න අවශ්‍යය කරන්නේය.

සංගම් උපයන තත්ත්වය මෙන්ම ආයතනද උපයන තත්ත්වයට පත් කළ හැකිය.ක්‍රීඩා විද්‍යායතනයේ ශ්‍රවණාගාරය වැනි දේ ත් ක්‍රිඩා අමාත්‍යංශ හ්‍රවණාගාරය වැනි දේ ත් මීට වඩා අලෙවියට මෙන්ම ක්‍රීඩාව සබෑඳි වැඩවලදී භාවිතා කළ හැකි පහසු බිම් බවට පත් කළ යුතුය.සල්ලි නැතිකම නොවේ උපයන්න ඇති අවස්ථා ප්‍රයෝජනයට නොගෙන සිටීමේ අවුල මත ලංකාවේ ක්‍රිඩාව දුකේ ඇලී සිටින බව ඇත්තක් ලෙස පිලිගත යුතුය.එවැනි එළියකින් ක්‍රිඩාව තිබෙනවානම් තරුසි වැනි තරු එළිය විහිදෙනකම් නොසිට ඒවා ආලෝ්කමත් කරන්නට අනුග්‍රහයන්ද ආකර්ශණය වනවා ඇත.එවැනි ආකර්ශණිය තත්ත්වයක රටේ ක්‍රීඩාව නැති වීම බොහෝ අඩු පාඩුකම් වලට මෙන්ම එවා සකස් නොවී දීර්ඝ කාලයක් පැවතීමටද හේතුවන බව අපි විශ්වාස කරන්නෙමු.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan