*
Friday, May 3, 2024
spot_img

Latest Posts

මාතර ගං වතුරින් අවතැන් වූවන් ආරක්ෂිත ස්ථාන කරා ගෙන යයි!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මාතර දිස්ත්‍රික්කයේ පවතින ආපදා තත්වය හේතුවෙන් පුද්ගලයන් 65,000ක පමණ පිරිසක් පීඩාවට පත් ව සිටින බව දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කරයි.

බද්දේගම ප්‍රදේශයේ ගිංගඟ ආශ්‍රිත පහත් බිම්වල වෙසෙන පවුල් 276ක් වහාම ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර ඇති බවත් , ගිංගඟේ ජල මට්ටම බද්දේගම ප්‍රදේශයෙන් ඉහළ ගොස් ඇති බැවින් පහත් බිම් ප්‍රදේශ යට වීමේ අවදානම හේතුවෙන් ඊයේ (07) රාත්‍රියේ අදාළ ජනතාවට ඉවත් වන ලෙසට දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතා දැනුම් දී ඇත.

තවද, මාතර දිස්ත්‍රික් ලේකම් වයි.වික්‍රමසිරි මහතා පවසන්නේ, නිල්වලා ගඟ මාතර ගල් බැම්ම ප්‍රදේශයෙන් පිටාර ගලමින් පවතින බවත්, මේ හේතුවෙන් මාතර නගරය ඇතුළු ග්‍රාමසේවා වසම් 16කට පමණ බලපෑම් එල්ල විය හැකි බවයි.

තවද, කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟේ සුළු ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති අතර, මගුරු ගඟ සහ කළු ගඟ ආශ්‍රිත පුටුපවුල ප්‍රදේශයේ ජනතාවට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, ගංවතුර හේතුවෙන් මාතර විදුලි උපපොළ ද අවදානමට ලක්ව ඇත. නමුත්, ගංවතුර තත්ත්වය ඉහළ ගිය ද අඛණ්ඩ ව අවශ්‍ය විදුලිය සැපයීමට පියවර ගන්නා බව විදුලි බල මණ්ඩලය දැනුම් දෙයි.

තවද, ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය පවසන්නේ, පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් 03ක හඳුනාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ රතු නිවේදන නිකුත් කර ඇති බවත්, ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල, ඇල්පිටිය, නාගොඩ, ඉමදූව හා ගාල්ල, කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, වලල්ලාවිට හා ඉංගිරිය, මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර, හක්මන හා අකුරැස්ස යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාත් මෙම රතු නිවේදන නිකුත් කර තිබේ.

තව දුරටත් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය පවසන්නේ, බදුල්ල, කෑගල්ල, රත්නපුර, කොළඹ, ගම්පහ, හම්බන්තොට සහ මහනුවර දිස්ත්‍රික්වල හඳුනාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි.

තවද, හපුතලේ, බෙරගල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයට විහාරගල ප්‍රදේශයේදී පස් කන්දක් කඩා වැටී ඇති බවද වාර්තා වන අතර, යක්කලමුල්ල, වෙළෙන්දාවත්ත ප්‍රදේශයේ කන්දක් නායයෑමේ අවදානමක් නිසා
පවුල් 20ක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කළ බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් දන්වා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan