ඇෆ්ගනිස්ථානයට බලපෑ භූමිකම්පාවෙන් සිදුව ඇති වර්තමාන හානිය!

Date:

සටහන – නිපුනි ලියනගේ

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
ඉරාන දේශසීමා ආසන්නයට වන්න බටහිර ඇෆ්ගනිස්ථානයේ රිච්ටර් මාපකයේ 6.3 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් සිදුවූ අතර එමඟින් විශාල ජීවිත හානි සිදුවේ යැයි බියක් ඇති වී තිබේ.

මෙම භූමිකම්පාව බටහිර නගරයක් වන Herat සිට කිලෝමීටර 40 ක් පමණ දුරින් කේන්ද්‍රගත වී ඇත.

භූමිකම්පාවේ බලපෑම සැලකිය යුතු මට්ටමක පවතින අතර, ගොඩනැගිලි රැසකට දැඩි හානි සිදුවී ඇති අතර සුන්බුන් යට මිනිසුන් සිරවී ඇත. මුලික භූමිකම්පාවෙන් පසුව, කලාපය ප්‍රබල පසු කම්පන තුනකට මුහුණ දුනි.

ඔවුන් වටා කාර්යාල ගොඩනැගිලි වෙව්ලමින් ගරාවැටෙන විට දිවි ගලවා ගත් අය ඔවුන්ගේ දුක්ඛිත අත්දැකීම් විස්තර කරති. Herat ප්‍රදේශයේ පදිංචි බෂීර් අහමඩ් සිද්ධිය විස්තර කරමින් කියා සිටියේ, “අපි අපේ කාර්යාලවල හිටියා, එකපාරටම ගොඩනැගිල්ල සෙලවෙන්න ගත්තා, බිත්ති බදාම කඩා වැටෙන්න පටන් ගත්තා, බිත්ති ඉරිතලා ගියා, සමහර බිත්ති සහ ගොඩනැගිල්ලේ කොටස් කඩා වැටුණා. ” ලෙසිනි.

පළාතේ ආපදා කළමනාකරණ ප්‍රධානී Mosa Ashari වාර්තා කළේ, “මේ වන විට තුවාල ලැබූ කාන්තාවන්, ළමයින් සහ වැඩිහිටි පුරවැසියන් 1,000 කට වැඩි පිරිසක් අපගේ වාර්තාවලට ඇතුළත් කර ඇති අතර 120 දෙනෙකුට පමණ ජීවිත අහිමි වී තිබූ බවයි.” මූලික වාර්තා මගින් 15 දෙනෙකු පමණ මියගොස් ඇති බවක් පැවසූව ද තහවුරු නොකළ වාර්තා පවා වර්තමාන මරණ සංඛ්‍යාව 300 ඉක්මවන බව පෙන්වා දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...