පලස්තීනය ජන ශුන්‍ය කලාපයක් කරන බවට නෙතන්යාහු දිවුරුම් දේ

Date:

ලෝකයේ ආරක්ෂිතම අයන් ඩෝම් මිසයිල ආරක්ෂක පද්ධතිය තමට ඇති බවට උදම් අනමින් සිටි ඊශ්‍රායලට පලස්තීනයේ හමාස් සංවිධානය රොකට් 7000 කට අධික ප්‍රමාණයක් එවීමත්, හමාස් තුවක්කු කරුවන් එවීමත් හේතුවෙන් ඊශ්‍රායලයේ මියගිය සංඛ්‍යාව 600 දක්වා ඉහල ගොස් ඇති බව වාර්තා වේ.

මෙත් සමඟ අගමැති බෙන්ජමින් නෙතන්යාහු ගාසා තීරයට විදුලිය, ඉන්ධන සහ භාණ්ඩ සැපයුම මේ වන විට අත්හිටුවා ඇති අතර එම කලාපය ජන ශුන්‍ය කලාපයක් කරන බවට දිවුරුම් දී තිබේ.

ඊශ්‍රායලයේ යුද්ධය හේතුවෙන් තුවාල ලැබුවන් සංඛ්‍යාව තවදුරත් නිශ්චිතව සඳහන් නොවන අතර ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ (IDF) ප්‍රකාශකයෙකු වන ලුතිනන් කර්නල් ජොනතන් කොන්රිකස් පවසා ඇත්තේ , මේ වන විට හමාස් තුවක්කුකරුවන් විසින් කාන්තාවන් සහ ළමුන් ඇතුළු ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 100කට අධික සංඛ්‍යාවක් ගාසා තීරයට රැගෙන යන්නට ඇති බවත්, එය ඊශ්‍රායල හමුදා මෙහෙයුමක් විශාල ලෙස සංකීර්ණ කර ඇති බවත්ය. කෙසේ නමුත්, ඔවුන් නිදහස් කිරීම සඳහා වන සාකච්ඡා මාස කිහිපයක් හෝ වසර ගණනාවක් ගත විය හැකිය.

මෙත් සමඟ ප්‍රධාන ගුවන් සමාගම් වන ඇමරිකන් එයාර්ලයින්ස්, එයාර් ෆ්‍රාන්ස්, ලුෆ්තාන්සා, එමිරේට්ස්, අයිබීරියා, එයාර් කැනඩාව සහ රයන් එයාර් ටෙල් අවිව් හි බෙන් ගුරියන් ගුවන් තොටුපළ වෙත සිය ගුවන් ගමන් දුසිම් ගණනක් අවලංගු කර තිබේ.

ඊශ්‍රායලයේ ප්‍රති ප්‍රහාර හේතුවෙන් අවම වශයෙන් පලස්තීනුවන් 370 ක් මියගොස් තවත් 2,200 ක් තුවාල ලබා ඇති බව පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන අතර, පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන ඒජන්සිය වන UNRWA නිවේදනය කර තිබුණේ, ගාසා තීරය අවට පාසල් 44 ක දහස් ගණනක් ජනයා නවාතැන් ගෙන සිටින අතර වෙඩි හුවමාරු පැවතීම හේතුවෙන් පවුල් 112,000 කට වැඩි පිරිසකට ආහාර බෙදා හැරීම අත්හිටුවීමට සිදු වූ බවයි. කෙසේ නමුත් මෙම තත්වය තුළ ජර්මානු රජය විසින් පලස්තීනය වෙනුවෙන් යුරෝ මිලියන සිය ගණනක ආධාර නිවේදනය කර තිබේ.

තත්වය සම්බන්ධයෙන් එක්සත් ජනපද ජනාධිපති ජෝ බිඩෙන් සහ නෙතන්යාහු ඉක්මනින් සාකච්ජා කරනු ඇති බව අපේක්ෂා කරන අතර ලොව පුරා නායකයින් ඊශ්‍රායලයෙන් ඉල්ලා ඇත්තේ පෙර ගැටුම් වලදී මෙන්, සන්සුන්ව හා සංයමයෙන් කටයුතු කරන ලෙසයි.

සශිකලා මධුෂාණි – outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 180ක හිඟයක් – GMOA

සටහන: සශිකලා මධුෂාණි මේවන විට රෝහල් පද්ධතිය තුළ ඖෂධ...

පෙරළිකාර පානදුර සහ සීසීසි විස්සයි විස්ස අවසාන සටනට

නිශ්මං රණසිංහ ජුනි 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය...

‘ටෙහෙරානය ගිනි ගනීවී’

සටහන: සශිකලා මධුෂාණිජුනි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල සිවිල් වැසියන්ට...

හිටපු ඇමති දයාගේ කෝටි ගණනක දේපළ වෙන්දේසි කෙරේ !

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වූ හිටපු අමාත්‍ය දයා ගමගේට...