ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් නාමයෝජනා භාර දෙයි!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ (LNW):

ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් මෙවර මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාර දී ඇති බව සඳහන් වේ.

ඊයේ (08) දිනය අවසන් වන විට, දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධින කණ්ඩායම් 16ක් එලෙස නාම යෝජනා භාරදී තිබූ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල මැතිවරණ කොට්ඨාස සඳහා ඊයේ දිනය අවසන් වනතෙක් කිසිදු දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් නාමයෝජනා භාර දී නොතිබු බව එම කොමිෂන් සභාව පවසයි.

මහ මැතිවරණය සඳහා නාම යෝජනාභාර ගැනීම ඔක්තෝම්බර් මස 4 වනදා ආරම්භ වූ අතර ලබන 11 වනදා මධ්‍යාහ්න 12.00 දක්වා සිදුකිරීමට නියමිතය. මහ මැතිවරණයට අදාළ තැපැල් ජන්ද අයඳුම්පත් භාර ගැනීමේ කාලය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතිව තිබුණු නමුත් එය ලබන 10 වනදා දක්වා දීර්ඝ කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...