බාල ඖෂධ නඩුවේ ඖෂධ සැපයුම්කරු තවදුරටත් රිමාන්ඩ්!

Date:

කොළඹ LNW:ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ඖෂධ සැපයුම්කරු සුදත් ජානක ප්‍රනාන්දු යන අය තවදුරටත් ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය ඊයේ (08) නියෝග කළාය.

සිද්ධිය සම්බන්ධයෙන් නඩුව කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය සිදු කරනු ලැබුවේ සැකකරු වෙනුවෙන් නීතිඥ මඩුල්ල සිදු කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමිනි.

සැකකාරු අධිකරණ නියෝගයක් ලැබුවහොත් පමණක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාරයට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය එතෙක් ඔහු අංගොඩ මානසික විද්‍යායතනයේ 21වන වාට්ටුවේ රදවා ප්‍රතිකාර කරන ලෙස දැනුම් දුන්නේ.

සැකකාර සුදත් ජානක ප්‍රනාන්දු බන්ධනාගාරය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුනද අධිකරණ නියෝග කර තිබුනේ ඔහු සුය වූ පසු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

එහිදී සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර සහ අධිකරණ නිලධාරින්ගෙන් විමසීම් සිදු කළාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු සෞඛ්‍ය සහ පරිසර ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල,හිටපු සෞෟඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය කපිල වික්‍රමනායක, සහකාර අධ්‍යක්ෂ දේව ශාන්ති සොලමන්, ගණකාධිකාරි (සැපයුම්) නෙරාන් ධනංජය ඇතුළු පිරිසක් ඇප මත මුදා හැර ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියාව සහ චීනය ග්‍රීන්ලන්තයේ බලය ලබාගැනීමට පෙර කළ යුතු දේ ට්‍රම්ප් කියයි!

රෂිකා හෙන්නායක ජනවාරි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රටවල් ආරක්ෂා...

අගමැතිට එරෙහි සජබ ප්‍රහාරය දැඩි කරයි. මහජන අත්සන් ගැනීමත් අද අරඹයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පාදක කරගනිමින් අධ්‍යාපන අමාත්‍ය...

සුගතදාසයට අපහාසයක් වන සුගතදාසයේ වැඩ සුගත්ගේ අණින් වෙනස් වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: //දැනටමත් ධාවන පථය තුළ...

SL Deshaya දර්ශන හඳුන්ගොඩ සමුගනී !

ජනප්‍රිය යූටියුබ් නාලිකාවක් වන SL Deshaya නාලිකාවේ මාධ්‍යවේදී දර්ශන...