අගමැති හරිණිට විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයෙන් ඉල්ලීමක්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ (LNW):

ගෙවුණු කාලය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ සිදුව ඇති දූෂණ වංචා සෙවීම සඳහා කමිටුවක් පත්කරන ලෙස අග්‍රාමාත්‍යවරියගෙන් ඉල්ලා සිටින බව විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.

දූෂණ සම්බන්ධයෙන් තොරතුරු එම කමිටුවට ලබාදීම සඳහා තම සංගමය කටයුතු කරන බව එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසුවේය.

“මේ වනවිට අග්‍රාමාත්‍යවරිය සෞඛ්‍ය අමාත්‍යවරිය විදිහට කටයුතු කරමින් ඉන්නවා. විශේෂයෙන්ම අපි කියනවා පසුගිය කාලයේ විශාල වශයෙන් ඖෂධ මිලදී ගැනීම වැනි කාරණාවලදී වංචා දූෂණ විශාල ප්‍රමාණයක් සිදුවුණා. වෘත්තීය සංගම් විදිහට අපි ඒවා දිගින් දිගිටම හෙළිදරව් කිරීමක් කළා. අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා මේ නව ජනාධිපතිවරයා හා සෞඛ්‍ය ඇමතිවරිය ඉතා කඩිනමින් පසුගිය කාලයේ සිදුකරපු වංචා සම්බන්ධයෙන් සේවීමට කමිටුවක් පත්කරයි කියලා. එය විශේෂයෙන්ම කිය යුතුවෙනවා පැරණි ආකාරයේ කමිටුවක් නොවිය යුතුයි. එය ස්වාධීන කමිටුවක් විය යුතුයි. මේ සෞඛ්‍ය සේවාවේ ඉන්න වෘත්තීය සමිති නායකයින්, ඒ එක්කම මේ සෞඛ්‍ය සේවකයින් ඔවුන් දන්නා වංචා දූෂණ සම්බන්ධයෙන් තොරතුර හෙළිකිරීමට අවශ්‍ය වටපිටාව එහි සැකසිය යුතුයි” ලෙස පැවසීය.

 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...

කෝටි ගාණක “කුෂ්” කටුණායක ගුවන් තොටෙන් මතුවෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඊයේ (14) රාත්‍රියේ...

වරායේ සිරවූ බහාලුම් වලට මොකද වෙන්නෙ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : දින කිහිපයක සිටම,...

සහන ගැන මාධ්‍ය සංදර්ශන දැම්මට චක්‍රලේඛවත් නිකුත් කරලා නැහැ – විපක්ෂ නායක

කොළඹ LNW: විපතට පත් ජනතාවට සහන දෙන බවට මාධ්‍ය...