කොළඹ LNW:එලඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් කොළඹ දිස්ත්රික්කයට තරඟ වදින කණ්ඩායම නාමයෝජනා අත්සන් තබා තිබේ.
වත්මන් අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඇතුළු දන්නා හදුනන මුහුණු කොළඹ දිස්ත්රික්කයෙන් ජාතික ජනබලවේගය වෙනුවෙන් මැතිවරණයට පිවිස සිටින අතර විශේෂයෙන් කොළඹ දිස්ත්රික්කයේ සෙසු දේශපාලන පක්ෂ කණ්ඩායම් වෙත අභියෝගයක් වනු ඇති බවයි බැලූ බැල්මට පෙනෙන්නට ඇත්තේ.
කැපවුණු, කාර්යක්ෂම, සහ නිවැරදි දැක්මක් සහිත කණ්ඩායමකට නායකත්වය දෙමින් කොළඹ දිස්ත්රික්කයේ සහ මුළු මහත් රටෙහි ම මැතිවරණය, විශිෂ්ට ජයග්රහණයක් කරා ගෙන යාමට අදිටන් කරගෙන සිටින බවද අගමැතිනිය කියාසිටියි.
ආශිකා බ්රාහ්මණ