චිත්‍රපටියක් නිසා ඇවිලුණු උඩරට දුම්රිය මගේ ප්‍රශ්නය විසදෙයි.මගී ප්‍රවාහනයට බාධාවක් නැහැ!

Date:

කොළඹ LNW:ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඒකාබද්ධව නිෂ්පාදනය කෙරෙන චිත්‍රපටියක් සඳහා රූගත කිරීම් පරිශ්‍රයක් ලෙස ඇල්ල දුම්රිය මාර්ගය ලබා දීමට තීරණය කිරීම නිසා මේ වන විට ඒ සම්බන්ධයෙන් සමාජය තුළ කතා බහක් ඇතිව තිබේ.

චිත්‍රපටියේ රුගත කිරීම් හේතුවෙන් දින 06ක පමණ කාලයක් ඇල්ල දුම්රිය ස්ථානයේ සිට බදුල්ල දක්වා කොටස දුම්රිය ධාවනය නොකිරීමට ගෙන ඇති තීරණයයි එම සංවාදයට හේතු වී ඇත්තේ.

කෙසේවෙතත් එම තීරණයෙන් මගී ප්‍රවාහන සේවයට බාධාවක් නොවන අතර ඇල්ල දුම්රිය ස්ථානයේ සිට බදුල්ල දක්වා ප්‍රවාහන කටයුතු සඳහා එම කාලය තුළ බස් රථ යොදවන බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන එන්.ජේ. ඉඳිපොලගේ මහතා පවසන්නේ.

එම චිත්‍රපටිය එෛතිහාසික වැඩසටහනක් නිසා ඒ වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ සහය දී ඇති බවත් මෙම ව්‍යාපෘතිය මගින් දුම්රිය දෙපාර්තමේන්තුවට විශාල ලාභයක් ලැබෙන බවත් ඔහු කියාසි⁣ටියි.

ඒ අනුව උක්ත චිත්‍රපටියේ රූගත කිරීම් සඳහා අද (09) සිට එළඹෙන 15 වැනිදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල දුම්රිය ස්ථානයේ සිට බදුල්ල දක්වා කොටස තාවකාලිකව දුමරිය ගමනාගමනය අත්හිටුවා තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...