(Breaking news)රනිත්මා අවසන් 16 අතරට

Date:

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 09, (LNW) කොළඹ :

චීනයේ පැවත්වෙන ලෝක කණිෂ්ඨ බැඩිමින්ටන් සූරතාවලියේ කාන්තා අංශය නියෝජනය කරන රනිත්මා ලියනගේ අවසන් 32 නාගේ වටයේී හ්‍රී ලංකාවට වඩා බෙහෙවින් දියුණු බැඩ්මින්ටන් සංස්කෘතියක් ඇති වියට්නාමයේ බුයි බිච් පොන්ග් සමඟ කළ විශිෂ්ඨ තරගයකින් අනතුරුව වට 2-1 ක් ලෙස ජය ගත්තාය.
තරගයේ පළමු වටය ලකුණු 21 – 13 ක් ලෙස ජය ගන්නට රනිත්මා සමත් වූ අතර දෙවන වටයේදී වියට්නාම ක්‍රීඩිකාව ජය ගත්තාය.ඒ ලකුණු 21 – 12 ක් ලෙස ඉදිරියෙන් සිටිමින්ය.තෙවන වටයේ ආරම්භයේ දී ම ඉදිරියට යමින් වියට්කාම ක්‍රීඩිකාව ලකුණු 8-1 ක් ලෙස පෙරමණ ගත්ත ද දැඩි මානසික ඒකාග්‍රතාවයකින් සහ අධිෂ්ඨානයකින් සටන් වැද වියට්නාම ක්‍රීඩිකාව හඹා ගොස් ලකුණු 21 – 16 ක් ලෙස තෙවන වටයේ ජය හිමි කර ගනිමින් ඓතිහාසික ජයක් හිමි කර ගත්තාය.
දැඩි වෘත්තීය ශික්ෂණයක් සහිතව ක්‍රීඩා කරමින් සහ ඊට අවශ්‍යය ශාරිරික ශක්තිය ප්‍රදර්ශනය කරමින් ක්‍රීඩා කළ රනිත්මාගේ මේ මානසික සහ කායික දරා ගැනීම සඳහා ඇයට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සභාපතිවරයාගේ ආශිර්වාදය ඇතිව ලැබී තිබෙන ඉන්දුනිසියානු ක්‍රීඩකයන් හා පුහුණුවීමේ වරප්‍රසාදය ද මේ ජයග්‍රහණයේ පසුබිමේ තිබෙන බව කිව යුතුය.


ඇය අවසන් 16 දෙනාගේ වටයේ දි චීනයේ ෂු වෙන් ජිඇන්ග් මුණ ගැසීමට නියමිතය.ශ්‍රී ලංකාවේ සෙසු ක්‍රීඩකයන් මෙන්ම ක්‍රීඩිකාවන් අතරින් කිහිප දෙනෙකු අවසන් 64 අතරට පැමිණිය අතර කාන්තා සහ පිරිමි යුගල කණ්ඩායම් ඒ ආකාරයට නිතරගයෙන් දෙවන වටයට පැමිණියත් ඊයේ දින පැවති තරගවලදී ඔව්හූ පරාජය වූහ.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනප්‍රිය වූ විමල් ….

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ගතවූ පැය...

විරාට් කෝලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දෙවන වැඩිම ලකුණු ලාභියා බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා නවසීලන්තයට එරෙහිව...

ජනාධිපති ට්‍රම්ප් ඉරානය සමඟ ගනුදෙනු කරන සියලුම රටවල් වෙනුවෙන් 25%ක නව තීරු බද්දක් පනවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ වාණිජ...