බිත්තර සහ සහල් මිල ගැන පාරිභෝගික සේවා අධිකාරිය දැඩි තීන්දුවක!

Date:

කොළඹ LNW:බිත්තර මිල යළි නියමිත ආකාරයෙන් පවත්වාගෙන යාමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී නිෂ්පාදකයින්ට මෙන්ම තොග වෙළෙඳාමට ආදාලව පාලන මිලක් දැමීමට සිදුවන බව පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂක වැටලීම් සහ විශේෂ විමර්ශන සංජය ඉරසිංහ මහතා පවසයි.

මෙය නිෂ්පාදකයින්ට මෙන්ම තොග වෙළෙඳාමට බාධා සහගත කරදරකාරි දෙයක් නිසා බිත්තර මිල ඉහළ නොදමා නිසිලෙස පවත්වා ගෙන යන ලෙසයි ඉරසිංහ මහතා අදාළ පාර්ශව වෙතින් ඉල්ලීමක් කළේ.

බිත්තර නිෂ්පාදකයින් යළි කැඳවා බිත්තරයක් නිෂ්පාදනයට යන වියදම පෙන්වා අදාළ මිල නියම කරන බව අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

බිත්තර මිල නිසි ලෙස පවත්වාගෙන නොයාම හේතුවෙන් නිරන්තරයෙන් බැටකන්නේ සිල්ලර වෙළෙන්දා වීම නිසා නිෂ්පාදකයාට හා තොග වෙළෙන්දාට අදාළව මිල නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කරන බව ඉරසිංහ මහතා අවධාරණය කරන ලදී.

එමෙන්ම ඉදිරි උත්සව සමයේදී අධික ලාභයක් ලබා ගැනීම සඳහා නිෂ්පාදකයින් සතුව ගබඩා කර තිබෙන බිත්තර වෙළෙඳපොළට නිදහස් කරගැනීමේ ක්‍රියාවලිය සිදුකිරීමට සිය නිලධාරීන්ට දැනටමත් උපදෙස් දී ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

මේ අතර සහල් සඳහා ද මෙලෙස පාලන මිලක් නියම කිරීමට කටයුතු යොදන බව ඉරසිංහ මහතා පැවසුවේය.

ඒ අනුව නිෂ්පාදනයට මෙන්ම තොග වෙළෙඳාමට හා සිල්ලර වෙළෙඳාමට අදාළව සහල් සඳහා පාලන මිලක් නියම වනු ඇති.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සූරියකන්ද පොලීසියේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල සූරියකන්ද පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ...

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...

Azamara නෞකා සමාගමේ නවතම බලාපොරොත්තුව…

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : Azamara නෞකා...

දීමනා ඉල්ලා සද්දේ දාන රාජ්‍ය සේවකයින්ට ජනපති අද කෙළින් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2027 වසරේ වැටුප් වැඩිවීමක් සිදුවන තුරු...