කොරියානු ජනාධිපති යුන් සුක් යෙයෝල්ගේ සුබපැතුම් ජනාධිපති අනුරට!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ (LNW):

ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව හමුවූ කොරියා ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිනී මියෝන් ලී මහත්මිය, කොරියා ජනාධිපති යුන් සුක් යෙයෝල් මහතාගේ සුබපැතුමද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට පිරිනැමීමට කටයුතු කළේය.

තානාපතිනී මියෝන් ලී මහත්මිය ජනාධිපතිවරයා හමුවේ කියා සිටියේ, ඩිජිටල්කරණය ,දේශගුණික විපර්යාස , පුනර්ජනනීය බලශක්ති යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කිරීම කොරියාවේ අපේක්ෂාව බවයි.

මෙරට ආයෝජන නැවත ආරම්භ කිරීමට කොරියානු සමාගම් කැමැත්තෙන් පසුවන බව ද පෙන්වා දුන් කොරියා තානාපතිනිය ආයෝජන ආකර්ෂණයට ශ්‍රී ලංකා රජය විධිමත් ප්‍රතිපත්ති පවත්වාගෙන යාම සම්බන්ධයෙන්  ද සිය සතුට පල කළ බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ගෙන් ලාල්කාන්තට චෝදනාවක්!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : කෘෂිකර්ම පශුසම්පත් ඉඩම්...

අපේ වැඩපිළිවෙල ආපසු හැරවීමට හෝ අකර්මණ්‍ය කිරීමට දිට්වා බධාවක් නොවෙයි – ජනපති

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: "අපිට මේ ව්‍යසනය මත බොහෝ දේවල්...

ලබන 22 වැනිදා දිවයිනට පැමිණෙන IMF නියෝජිතයෝ!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : ජාත්‍යන්තර මූල්‍ය අරමුදල...

සමුගැනීමට පෙර ජනපති හමු වූ අමෙරිකා එක්සත් ජනපද තානාපති ජුලි චන්ග්!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : මෙරට අමෙරිකා එක්සත්...