දීවාලි පහන් දල්වන්න කරළියට ආ “Diwali Barbie”

Date:

සටහන – පුන්සරා ලියනගේ
ඔක්තෝබර් 09 ,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ:
වසරේ විශාලතම ඉන්දියානු උත්සවය සැමරීමට නව බාර්බි කෙනෙක් කරළියට පැමිණ තිබේ.

Mattel සමාගම වෙතින් නවතම මෙම බෝනික්කා නිර්මාණය කර ඇත්තේ දීවාලි උත්සවය සඳහාම වීම විශේෂත්වයක් වන අතර ඇය නමින් Diwali Barbie ය.

මෙම වසරේ ඔක්තෝබර් 31 සිට නොවැම්බර් 1 දක්වා පැවැත්වෙන හින්දු භක්තිකයන්ගේ ආලෝක පූජා උත්සවය සැමරීම සඳහා Diwali Barbie ගේ මව් සමාගම Mattel විසින් මෙම නව නිර්මාණය නිකුත් කරන ලදී.

Diwali Barbie ඉන්දියානු නිර්මාණ ශිල්පිනී ඇනිටා ඩොංගේ සමඟ ඇයගේ උපකාර ඇතුව සාදා ඇති අතර, ඇය සාම්ප්‍රදායික ඉන්දියානු අංගයන්ගෙන් සමන්විත වනු ඇත.

“දිවාලි උත්සවය සැමරීමේදී, දීවාලි බාර්බි සහ මම දෙදෙනාම ඉන්දියානු විලාසිතා සහ සංස්කෘතියේ සුන්දර උරුමය සැමරීමට ලොව පුරා සිටින රසිකයින් දිරිමත් කරන බව,” ඇනීටා වැඩිදුරටත් පැවසුවාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...