Trinh Thi Tam ජනපති හමුවෙයි!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ (LNW):

අද (09) දින ජනාධිපති කාර්යාලයේ දී, ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි ට්‍රින් තී ටැම් (Trinh Thi Tam) මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබෙන අතර,ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම නිමිත්තෙන් තමාගේත්, වියට්නාම රාජ්‍ය නායකයාගේ සහ රජයේ සුබපැතුම් ජනාධිපතිවරයා වෙත පිරිනැමූ තානාපතිනිය දෙරට අතර සහයෝගීතාව වර්ධනය කර ගනිමින් ඉදිරියට ගෙන යාම වෙනුවෙන් සිය සුබවාදී අදහස් පළ කළාය.

සෘජු විදේශ ආයෝජන (FDI) සහ වෙළෙඳ ක්ෂේත්‍රය තුළ වියට්නාමය ලබා ඇති ජයග්‍රහණයන් පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරුණු අතර ශ්‍රී ලංකාවේ එම ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් වියට්නාමයේ සහාය අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා තිබෙන බව සඳහන් වේ.

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවතින ඓතිහාසික බෞද්ධ සහ සංස්කෘතික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර දෙරට අතර සෘජු ගුවන් ගමන් වැඩි දියුණු කිරීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා කර ඇත.

වියට්නාම සංචාරකයින්ගේ ප්‍රමුඛ ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම තුළින් දෙරටේ ජනතාව අතර සබඳතා පුළුල් කිරීමේ හැකියාව පිළිබඳවද අවධානය යොමු කෙරුණු අතර දෙරට අතර සංචාරක ව්‍යාපාරය පුළුල් කර ගැනීමේ නව අවස්ථා පිළිබඳ සොයා බලන බවට තානාපතිවරිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සහතික වී තිබේ.

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර රාජ්‍ය තාන්ත්‍රික, ආර්ථික සහ සංස්කෘතික සබඳතා තවදුරටත් වැඩි දියුණු කර ගැනීම වෙනුවෙන් දෙරටේම කැපවීම පිළිබඳව මෙම හමුවේදි වැඩිදුරටත් අවධාරණය කර ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වහාම ක්‍රියාත්මක වන පරිදි ආණ්ඩුකාර ලීසා කුක් ෆෙඩරල් සංචිත පාලක මණ්ඩලයෙන් ඉවත් කිරීමට නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 26:ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ්...

සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන විය යුතුයි – ජනපති අනුර

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: අද (26) කොළඹ දී...

මධ්‍යම පරිසර අධිකාරියට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

සටහන - රුවන් නෙළුගොල්ල මධ්‍යම පරිසර අධිකාරියේ පුරප්පාඩුව පැවති අධ්‍යක්ෂ...

හෙල්ලක් නොවන දුන්නක් …

නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: හෙල්ල කියන්නෙ අද යුද අවියක්...