රට බංකොලොත් – ණය ගෙවන්නෑ කියූ නන්දලාල් ඇතුළු පිරිසට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ශ්‍රී ලංකාව බංකොලොත් වී ඇති හෙයින් විදෙස් ණය ආපසු ගෙවීමට නොහැකි බවට පසුගිය අප්‍රේල් මාසයේදී මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා විසින් කළ නිවේදනයට එරෙහිව වෘත්තීය සමිති නායකයකු සහ භික්ෂූන් වහන්සේ නමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ.

මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ, හිටපු මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි, මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන, මහබැංකුවේ මූල්‍ය මණ්ඩලය සහ නීතිපතිවරයා වග උත්තරකරුවන් වශයෙන් නම් කරමින් මෙම පෙත්සම ගොනුකර ඇත්තේ රවී කුමුදේශ් මහතා සහ පාහියංගල ආනන්ද සාගර හිමියන් විසිනි.

රට බංකොලොත් බවට තීරණය කිරීම සහ එය නිවේදනය කිරීම සිදුකර ඇත්තේ කැබිනට් මණ්ඩලයේ හෝ පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව බව අනාවරණය වී ඇති හෙයින් එම නිවේදනය නිසි බලයකින් තොරව නිකුත් කළ නීතිවිරෝධී ලියවිල්ලක් බවට තීන්දු කරන ලෙසත් ඒ ආකාරයෙන් කටයුතු කළ වග උත්තරකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියෝග කරන ලෙසත් එම පෙත්සමෙන් ඉල්ලා තිබේ.

එමෙන්ම යම් යම් මූලාශ්‍ර හරහා විදේශ විනිමය ලැබීමට නියමිතව තිබියදී විදෙස් ණය නොගෙවා පැහැර හරින බවට නිවේදනය කිරීම අතිශයින්ම මතභේදාත්මක බවත් එයින් ශ්‍රී ලංකාවේ පිරිසිදු ණය ගෙවීමේ ඉතිහාසය පළුදු වී ශ්‍රී ලංකාවට දැඩි මූල්‍ය පහරක් එල්ල වී ඇති බවයි පෙත්සම්කරුවන් පෙන්වා දී ඇත.

ඒ අනුව වග උත්තරකරුවන්ගේ ක්‍රියාකලාපය නිසා තමන් ඇතුළු ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි තීන්දු කරන ලෙසත් එකී මූලික අයිතිවාසිකම් නැවත ස්ථාපනය කළ හැකි ආකාරයේ වෙනත් ක්‍රියාමාර්ග ගත හැකි නම් ඒ සඳහා වග උත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇඟ බේරගන්න එක එක්කෙනාට රජය බෝලේ පාස් කරන්නේ කොහොමද කියලත් අපි දන්නවා – නාමල්

සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ලාංඡන පච්චයක් ගහන් ඉන්නවා නම් අල්ලන්න පනතක්...

කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධ විමර්ශන ගැන ඇමති නලින්ද කරුණු පහදයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධව මේ වන...

නව ත්‍රස්ත පනත් කෙටුම්පත සහ කැබිනට් පැහැදිලි කිරීම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : රජය විසින් පාර්ලිමේන්තුවට...

සරණ ගුණවර්ධනගේ බිරිඳ ඔක්තෝබර් 30 දක්වා තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : අල්ලස් කොමිෂන් සභාව...