රජයේ සේවකයන්ගේ විශ්‍රාම වයස රිවර්ස් කිරීමට අනුකමිටුවක් – තවත් අරගලයකට අත වැනීමක්?

Date:

  • විශ්‍රාම වයස ගැසට්ටුව රිවර්ස් කිරීමට පක්ෂග්‍රාහී අනුකමිටුවක්.
  • එක එක අයට එක එක විශ්‍රාම වයස් තීරණය කළොත් අනිවාර්‍යෙන්ම වර්ජනයක් කැඳවනවා.

‍රජයේ සේවයේ විශ්‍රාම වයස අවුරුදු හැට බවට පත් කරන ලද ගැසට්ටුව රිවර්ස් කිරීම සඳහා රජයේ ඇතැම් පාර්ශව කටයුතු කරමින් සිටින බවට චෝදනා එල්ල වෙමින් පවතී.

ඒ අනූව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ තීරණය වෙනස් කරවීම සඳහා අමාත්‍ය අනුකාරක කමිටුවක් පත් කර ඇති අතර, තමන්ට හිතවත් විශේෂඥ වෛද්‍යවරුන් කිහිප දෙනෙකු සමග පමණක් සාකච්ඡා කර, වෛද්‍ය වෘත්තීකයින්ගේ පමණක් විශ්‍රාම වයස 63 දක්වා දීර්ග කිරීමේ නිර්දේශයක් 2022.10.10 දින අමාත්‍ය මණ්ඩලයට ලබා දීමේ සැලසුමක් ක්‍රියාත්මක වෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පෙන්වා දෙයි.

මේ වනවිට විශේෂඥ වෛද්‍යවරුන් තුන්සියයකට අධික ප්‍රමාණයක් අත්සන් කර, විශ්‍රාම වයස දීර්ඝ කිරීමෙන් තමන්ට සහ තමන්ගේ සේවාට සිදු විය හැකි හානි පිළිබදව ජනාධිපතිවරයාව පවා දැනුවත් කර තිබියදී, ඒ කිසිවක් නොසලකා, වයස හැට පැන්න එක් විශේෂඥ වෛද්‍යවරයකුගේ වුවමණාවට පමණක් යට වී නිර්දේශ ලබා දීම හරහා අමාත්‍ය මණ්ඩලය නොමඟ යවා ඇති බවත්, විශ්‍රාම වයස දිගු කිරීමට වෛද්‍ය නිළධාරීන්ගේ සංගම් රැසක් විරෝධය පල කර තිබියදී, එලෙස ගැසට් රිවර්ස් ප්‍රතිපත්තියකට නැවත රජය තල්ලුවීම ගැටලු රැසකට මුල පිරීමක් බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා අවධාරණය කරයි.

වෛද්‍ය වෘත්තිකයින්ට පමණක් විශ්‍රාම වයස දිගු කරන්නේ නම්, අනෙකුත් සෞඛ්‍ය වෘත්තීකයන්ට බරපතල අසාධාරණයක් වන බැවින්, ඊට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය තීරණය කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොමසාරිස්වරිය කළේ බලහත්කාරකමක්.අපි කවදාහරි කොමසාරිස්තුමියව නීතිය ඉදිරියට ගේනවා – මුජිබර් (VIDEO)

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරාපත් කරගැනීමේදී බස්නාහිර...

කිසි විටෙක යටත් නොවන බවට ඉරාන නායකයා ට්‍රම්ප්ට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සියලු හිමිකම් ඇවිරිණ මඟින් සියලු හිමිකම් පවරන මොහොත ජූනි 19 දා ලුම්බිණියේදී

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW: සංජක ප්‍රසාද් දොලේවත්ත මේ...