*
Sunday, October 13, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 10/09

  1. තම රුව නාම පුවරු, කට් අවුට් සහ පොස්ටරවල පළ නොකරන මෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විධානයක් නිකුත් කරයි: තම ව්‍යාපාරවල ප්‍රචාරණ උපාංගවල තම ඡායාරූප පළ නොකිරීමට කටයුතු කරන මෙන් සියලු දේශපාලන නායකයන්ගෙන් ඉල්ලා සිටියි: මෙවන් පුවරු රූපවාහිනියේ දකින ජනතාව විසින් දේශපාලඥයන් සමච්චලයට ලක්කරන අතර, නැවත වරක් එසේ ජනතාවගේ සමච්චලයට ලක්වන්නේ ඇයි ද යන්න ප්‍රශ්න කර සිටියි.
  2. ඊශ්‍රායලයේ සහ පලස්තීනයේ මතුව ඇති ප්‍රචණ්ඩත්වය උත්සන්න වීම සහ එහි ප්‍රතිඵලයක් ලෙස සිදුවන ජීවිත හානි පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි අවධානයෙන් පසුවන බව විදේශ අමාත්‍යංශය පවසයි: මෙම ප්‍රචණ්ඩත්වය වහා නතර කරන මෙන් ඉල්ලා සිටියි: 1967 දේශසීමා පදනම මත, එකිනෙක ළඟ ජීවත්වන ප්‍රාන්ත දෙකක ජාත්‍යන්තරව එකඟ වූ පරාමිතීන්ට අනුකූලව සාකච්ඡාමය විසඳුමකට පැමිණෙන මෙන් ඉල්ලා සිටියි.
  3. ශ්‍රී ලංකාවේ ආර්ථිකය, 2022 වසරේ 7.8% ක පහත වැටීමකට ලක්වීමෙන් අනතුරුව, 2023 පළමු භාගයේ දී 7.9% ක දැවැන්ත හැකිලීමකට ලක්වෙයි: මෙය නිදහසින් පසු මෙරට ඉතිහාසයේ ගැඹුරුම ආර්ථික හැකිලීම බව සඳහන්.
  4. අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාල්ලේ පුද්ගලයන් 8,000ක් (පවුල් 3,500) සහ මාතර 50,000කට වැඩි පිරිසක් (පවුල් 18,000) පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
  5. ඉහළ බදු, ණය පැහැර හැරීම් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනක් ලබා ගැනීම වෙනුවෙන් හඬ නැඟූ සමඟි ජන බලවේගයේ පා.ම. හර්ෂ ද සිල්වා, වෘත්තීයවේදීන් මත පනවා ඇති බදු අඩු කර මත්පැන් බෝතල්වල ව්‍යාජ ආදායම් ස්ටිකර් පිළිබඳ ගැටළුව විසඳීමෙන් ආදායම් පාඩුව පියවන ලෙස ඉල්ලා සිටියි: මේ වන විට “පුළුල් විසඳුමක්” අවශ්‍යව ඇති බව පවසයි.
  6. 2022 සැප්තැම්බර්වල පැවති ඇ.ඩො. මිලියන 359 ක සේවක ප්‍රේෂණවලට සාපේක්ෂව, 2023 සැප්තැම්බර්වන විට සේවක ප්‍රේෂණ ඇ.ඩො. මිලියන 482 දක්වා ඉහළ යයි: කෙසේවෙතත්, 2023 සැප්තැම්බර්වල සේවක ප්‍රේෂණ ප්‍රමාණය, 2023 අගෝස්තු මස පැවති ඇ.ඩො. මිලියන 499 ක සේවක ප්‍රේෂණ ප්‍රමාණයට වඩා අඩු අතර, එය 2015 – 2020 කාලය තුළ සැප්තැම්බර් මස පැවති ඇඩො. මිලියන 570 ක සාමාන්‍ය සේවක ප්‍රේෂණ අගයට වඩා බෙහෙවින් අඩු ය: 2023 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා වූ සමුච්චිත ප්‍රේෂණ ප්‍රමාණය ඇ.ඩො. මිලියන 4,345 ක් වූ අතර, එය පසුගිය වසරේ එම කාලපරිච්ඡේදයට වඩා 75% ක ඉහළ යාමකි.
  7. 2022 අයවැයට විරුද්ධව ඡන්දය දීමට තම පක්ෂය ගත් තීරණයට පටහැනිව රජයට පක්ෂපාතී වීම හේතුවෙන් මඩකලපුව දිස්ත්‍රික් පා.ම. සයිනුල් ආබ්දීන් නසීර් අහමඩ් පාර්ලිමේන්තුවෙන් නෙරපා හැරීම, 2024 අයවැය ඡන්ද විමසීමට බලපානු ඇති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ලේකම් ජනාධිපති නීතිඥ එම් නිසාම් කාරියප්පර් පවසයි: මීට ඉහත, නසීර් අහමඩ් පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපා හැරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ගත් තීරණය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන පී පද්මන් සූරසේන, ජනාධිපති නීතිඥ එස් තුරෙයිරාජා සහ මහින්ද සම්‍යවර්ධන ඒකමතිකව අනුමත කළහ.
  1. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ගණනාවක් පසුගිය කාලයේ පක්ෂයේ විනය කඩ කළ අතර, ඇතැම් මන්ත්‍රීවරුන් විපක්ෂයට පවා එක් වූ බව එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් පවසයි: ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසුව ඔවුනට එරෙහිව පියවර ගැනීමට පක්ෂය සලකා බලමින් සිටින බව පවසයි: පක්ෂයේ ස්ථාවරයට පටහැනිව ක්‍රියා කළ ඩලස් අලහප්පෙරුම, ඩිලාන් පෙරේරා සහ අනුර යාපා වැනි මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකිවනු ඇති බව ද පවසයි.
  2. නිදහස් අධ්‍යාපන ක‍්‍රමයේ ප‍්‍රධාන ප‍්‍රතිලාභීන් වූ, ඒ ආශ්‍රිත සමාජ ප‍්‍රතිලාභ භුක්ති විඳිමින් සිටින, එහෙත් අභියෝගාත්මක කාලවලදී රට හැර යාමට තීරණය කරන බුද්ධිමතුන්ට ප‍්‍රඥාවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි: ඉහළ ජීවන වියදම, ඉහළ යන බදු අය කිරීම් සහ ඉදිරිගාමී නායකත්වයක් නොමැතිකම වත්මන් බුද්ධි ඛාදනයට හේතු වී ඇති බව විපක්ෂයේ පා.ම. එරාන් වික්‍රමරත්න පවසයි.
  3. ප්‍රකට රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී (65) මීට වසරකට වැඩි කාලයකට ඉහත අනුරාධපුරයේ දී සිදුවූ රිය අනතුරක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අද උදෑසන අභාවප්‍රාප්ත විය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan