සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): නාරාහේන්පිට, කිරුළපන, මෝදර හා මට්ටක්කුලිය යන ප්‍රදේශ 4 කින් ඩෙංගු රෝගින් වාර්තාවීම ඉහළ යමින් ඇතැයි කොළඹ මහ නගර සභාවේ, ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජයමුණි මහතා පවසයි.
මීට සති තුනකට පෙර අදාල ප්‍රදේශවලින් දෛනිකව ඩෙංගු රෝගීන් දෙදෙනකු පමණ වාර්තාවී ඇති අතර ,මේ වනවිට එම සංඛ්‍යාව 5 ක් හෝ 6 ක් දක්වා ඉහෙළ ගොස් ඇති බවද ,වෛද්‍ය විජයමුණි මහතා සඳහන් කරයි.
මේ සම්භන්ධයෙන් ජනතාවට සැළකිලිමත් වන ලෙස ඒ මහතා කියා සිටී.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??