කෙල්වින් කෙප්ටම් මැරතන් වාර්තාවේ හිමිකරු වෙයි !

Date:

මිනිස් සිරුරට කළ හැකි දේ සහ නොහැකි දේ ගැන නිර්වචන දෙන්නට යන්න අපහසුය.ඒ තරමට එයට විහ්මිත වේගයක්,දරා ගැනීමක් තිබිය හැකි බව ඔප්පු වෙන්නේ විශේෂයෙන්ම මලල ක්‍රීඩා පිටියෙන්ය.සමහර කාලවල මීටර් 100 තත්පර 10 ට අඩුවෙන් දිව්වොත් හදවත පැලී මිය යනු ඇතැයි විචාරකයෝ කීහ.ඒ එසේ දුවන්නට හැකි බවට ඉඟි පළවෙද්දීය.නමුත් අද වන විට ලෝක මට්ටමේ ක්‍රිඩා උළෙලක සමහර අවසාන තරගවල තත්පර 10 සීමාවේ ඉසව්ව අවසන් කරන කිසිවෙකුත් නැත.සියල්ලම සිටින්නේ ඊට අඩු කාලයකින් ඉසව්ව දිවූ අයය.


මැරතන් ගැන කතාවද එබඳුය.එය නොනිල වශයෙන් සුළඟ ද එකතු කර පැය දෙකට වඩා අඩුවෙන් දිවූ අවස්ථා ද ඇත.නමුත් නිල වශයෙන් එය පැය 2:01 සීමාවේ රැදී තිබිණ.පළමු වරට එම සීමාවට එම සීමාවට ඉසව්ව ගෙන ආවේ ඉතියෝපියාවේ කෙනනිසා බෙකලේ ය.ඒ 2019 දී ය.කාලය පැය 2:01:41 ක් විය.අනතුරුව ලෝක වාර්තාව 2022 සැපතැම්බර් 25 දා පැය 02:01:09 ක් බවට වෙනස් කළේ කෙන්යාවේ එලීඩ් කිප්චෝග් ය.ඊයේ චිකාගෝ හී දී කෙල්වින් කිප්ටම් ඉතිහාසයේ පළමු වරට මැරතන් තරගය පැය 02:01 සීමාවෙන් මෙපිටට ගෙනවිත් පැය 02:00:35 ක් බවට පත් කරන්නේය.
තවමත් 24 හැවිරිදි කෙන්යානුවා මේ මාර්ගයේ තව වෙනස්කම් ඇති කරන්නට බොහෝ ඉඩ ඇත.ඔහු ඉකුත් වසරේදී මේ සම්බන්ධයෙන් සුබ පණිවිඩ නිකුත් කරන්නට වූයේ ඉකුත් වසරේ ලන්ඩන් මැරතන් තරගයේදී ය. එහිදී ඔහු වාර්තා කළ කාලය 02:01:25 ක් විය. ඉන් අනතුරුව යළිත් ඔහු එම අප්‍රේල මසට අයත් දක්ෂතාවයෙන් පසුව එම වසරේ දෙසැම්බරයේදී ස්පාඤ්ඤයේ වැලෙන්සියා හී දී පැය 02:01:53 න් මැරතන් තරගය නිමා කළේය.කිප්ටම් ගැන ලෝකය විවර වූ දෑසින් බලා සිටියේ එතැන් සිටය.ඔහු ලෝක වාර්තාව තමන් සතු කරගන්න දවස ආසන්නයේම ඇති බව සිතන්නට ඔහුගේ වයස ද සාධකයක් විය.
කිලෝ මීටරයකට වැය කරන කාලය විනාඩි 3 ට මදක් වැඩි වූ මේ වේගය ඇත්තටම විශ්මිතය.ඒ වේගය විශ්මිත කරන්නේ කිලෝමීටර් 42 ක් සහ මීටර් 195 ක දුරක් එම වේගය දරා ගන්නට සිරුර හුර කර ගැනීමේ හැකියාව විසින්ය.කෙල්වින් තරගයේ අඩක් පැය 01:00:48 න් නිම කර ඉතිරි අඩ විනාඩි 59:47 කින් දිව ගියේය.


ප්ලැටිනම් වර්ගයේ ඉදිරිපෙළ මැරතන් තරගයක් වන චිකාගෝ මැරතන් තරගයේ තරගකාරීත්වය විසින් කෙල්වින් ඉදිරියට තල්ලු කරන්නට හොද වෙග්යක් ලබා දුන් අතර කෙන්යාවේම කිප්රුයෝ බෙන්සන් දෙවැන්නා විය.ඔහුගේ කාලය පැය 02:04:02 ක් විය.තෙවැනි තැන බෙල්ජියමේ අබිඩි බෂීර් ට හිමි විය.ඔහු තරගය පැය 02:04:32 න් නිම කළේය.
තරගකාරීත්වයේ ස්වභාවය කදිමට පෙන්නුම් කරමින් නෙදර්ලන්තය නියෝජනය කරන සිෆාන් හසන් පැය 2:13:44 න් තරගය නිමා කළේ ඉතිහාසයේ හොදම කාන්තා මැරතන් කාලය වාර්තා කරමින්ය.එම තරගයේදී සිෆාන්ට හො ද තරගයක් ලබාදුන් කෙන්යාවේ රූත් චෙපෙන්ගෙටිච් පැය 02:15:37 න් තරගය නිම කරමින් ඉතිහාසයේ හොඳම හත්වන කාලය වාර්තා කළ අතර තෙවැන්නය වූ ඉතියෝපියාවේ මෙගෙර්ටු ඇලෙමු පැය 2:17:09 න් නිමා කර ඉතිහාසයේ හොඳම 15 වන කාලය වාර්තා කළේය.

සටහන – නිෂ්මං රනසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුදෙව් අරාබි ගැටුමේ පර්සියානු භූමිකාව හා මුහම්මඩ්ගේ පුත්‍රයා ….

අපි කතාව පටන් ගමු ඉතිහාසයෙන්. ක්‍රිස්තු පූර්ව 586 වර්ශය...

කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක ජූනි 13, කොළඹ LNW : අල්ලස් කොමිසම...

විපක්ෂය උඩුදුම්බර සභාවේ බලය අල්ලයි!

කොළඹ LNW:මහනුවර උඩුදුම්බර ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගය...