රත්නපුර කොළඹ ප්‍රධාන මාර්ගයට ගලක් පෙරළෙයි !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද උදෑසන රත්නපුර කොළඹ ප්‍රධාන මාර්ගයේ පරකඩුව තිරිවාන ප්‍රදේශයේ ඉවුරක තිබු විශාල කලුගලක් පාරේ කොටසකට පෙරළීමෙන් අවහිර වී තිබු මාර්ගය පැය දෙකකට ආසන්න කාලයකට පසුව නැවත විවෘත කර ඇත.

මෙම අවහිර වීමෙන් මාර්ගයේ වාහන ගමනා ගමනය ද ඇණහිටි අතර , ගල පෙරලීමත් සමග ප්‍රධාන පාර දිගේ ඇද තිබු දුරකතන රැහැන් මාර්ගයේ කණු කඩාවැටී රැහැන්ද බිම වැටී තිබුණි. අනතුරින් ජීවිත හානි නොමැත.

ගල පෙරලුණු පැත්තේ තිබූ කුඩා ගොඩනැගිල්ලක කොටසකට හානි සිදුව තිබුණු අතර, අනතුර සිදුවු අවස්ථාවේ එහි කිසිවෙක් නොසිටි බව ද පොලීසිය පවසයි.

ප්‍රදේශවාසීන් එක්ව පාරට කඩාවැටුණු ගස්වල අතු ඉවත් කර වාහන ගමනාගමනය සඳහා කටයුතු සලස්වනු ලැබීය.

සිද්ධිය වූ අවස්ථාවේ කොළඹ රත්නපුර ප්‍රධාන පාරේ වාහන වැඩිපුර ගමන් ගන්නා අවස්ථාවක් වුවත් , මාර්ගයේ වාහන කිසිවක් ඒ අවස්ථාවේ ගමන් කර නොතිබුණු බවද වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...

යුද්ධ හයක් අවසන් කළ බව කියන ට්‍රම්ප් නොබෙල් ත්‍යාගය වෙත යන ගමනක

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...