*
Saturday, November 2, 2024
spot_img

Latest Posts

සමඟිය කොළඹට නාමයෝජනා දෙයි!

කොළඹ LNW:ජරාජීරණ දේශපාලන සංස්කෘතිය පසෙකලා රට වෙනුවෙන් වැඩ කළ යුතු කාලය එළැඹ තිබෙන බව සමඟි ජන බලවේගයේ හා සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ පක්ෂයක් ලෙසත් සන්ධානයක් ලෙසත් සමගි ජන බලවේගය කොළඹ දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා ලබා දුන් අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙම මැතිවරණය පොදුජනතාවගේ ආශිර්වාදය මත ජයග්‍රහණය කර යහපත් දේශයක්, යහපත් මාතෘභුමියක් ඇති කර රට ගොඩනගන රට සංවර්ධනය කරන යුගයක් කරා නායකත්වය ලබා දෙන බවත් ඒ සඳහා සම්මුතිවාදිව එකමුතුභාවය, සහෝදරත්වය කේන්ද්‍ර කර ගෙන නව යුගයක් උදා කරන බවත් ප්‍රේමදාස මහතා සඳහන් කරන ලදී.

එසේම පත්වී සිටින ජනාධිපතිවරයා සමග රටේ අවශ්‍යතාව උදෙසා ලක්ෂ 220ක් ජනතාවගේ අවශ්‍යතාව උදෙසා රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් කළ යුතු උපරිම කාර්යභාරය ඉටු කරන බවද හෙතෙම කියාසිටියේය.

මෙතෙක් කල් තිබූ ජරාජීරණ දේශපාලන සංස්කෘතිය පසෙකලා සහෝදරත්වයෙන් සම්මුතිවාදීව කටයුතු කරන බවත් 2028 වන විට ණය නැවත ගෙවිය යුතු බැවින් මේ කුඩා වූ ආර්ථිකය නැවත නගා සිටුවිය යුතු බවත් එය සියලු දෙනාගේම වගකීමක් නිසා ලක්ෂ 220ම එකට එකතු වී ඒ සඳහා කටයුතු කළ යුතු බවත් ඊට අවශ්‍ය නායකත්වය ලබා දෙන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අපේක්ෂකයන් තෝරා ගැනීමේ දී දැඩි තරගකාරීත්වයක් තිබූ හෙයින් කාන්තාවන් වෙනුවෙන් ද විශාල ඉඩක් වෙන් කර ඇති බවත් ඉදිරි පළාත් සභා හා පළාත් පාලන මැතිවරණයේ දී 25%ක් ලෙස මීටත් වඩා කාන්තා නියෝජනත්වය ලබා දෙන බවත් හෙතෙම අවධාරණය කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan