මෙරට මුහුදු සීමාවේදී ඉන්දීය ධීවරයින් 21ක් අත්අඩංගුවට!

0
156

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 10, කොළඹ (LNW):

උතුරු මුහුදේදී , යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 04ක් සමඟ ඉන්දීය ධීවරයින් 21 සිය භාරයට ගැනීමට නාවික හමුදාව සමත්ව ඇත.

ඊයේ (09)දින නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවර යාත්‍රා හතර සහ එහි සිටි ඉන්දීය ධීවරයන් පිරිස කන්කසන්තුරය වරාය වෙත රැගෙන විත් ඇති අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතව ඇති බව පැවසේ.