සටහන – රුවන් නෙළුගොල්ල
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනරජ පක්ෂය මෙවර මහමැතිවරණයේ කටයුතුවලින් ඉවත් වීමට තීරණය කර තිබේ.
සමගි ජන බලවේගය සමග ඇති කරගෙන තිබූ අවබෝධතා ගිවිසුම එම පක්ෂය විසින් උල්ලංඝනය කිරීම හේතුවෙන් ඔවුන් මෙම තීරණයට එළඹුණු බවයි පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේ.
මෙයින් සමගි ජන බලවේගය සමග ගැටුමක් ඇතිකර ගැනීමක් හෝ ඔවුන්ට එරෙහිව වෙනත් පාර්ශ්වයක් සමග එකතු වීමක් අදහස් නොවන බව පැවසූ ඒ මහතා තම පක්ෂය මෙවර මහමැතිවරණයට කිසිදු ආකාරයකින් තරග නොකරන බවත් ප්රකාශ කළේය.