අග්‍රාමාත්‍ය හරිනි තායිලන්ත තානාපතිගෙන් ඉල්ලීමක් කරයි!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 10, කොළඹ (LNW):

තායිලන්ත තානාපති, පයිටූන් මහපන්නපෝන් (Paitoon Mahapannaporn, ) සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර අද (2024.10.10) අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවක නිරත වී ඇත.එහිදී මියන්මාර රජය සහ සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (IOM) මගින් පහසුකම් සපයන මියන්මාරයේ මයිවාඩි ප්‍රදේශයේ සයිබර් අපරාධ මධ්‍යස්ථානවල තවමත් රඳවා සිටින අතිරේක ශ්‍රී ලාංකිකයන් බේරා ගැනීම සඳහා තායින්ලන්ත රජයේ සහය ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය තායිලන්ත රජයෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

සයිබර් අපරාධ මධ්‍යස්ථානවල සිටි ශ්‍රී ලාංකිකයන් 28 දෙනෙකු බේරා ගැනීමට තායිලන්තය රජය ලබා දුන් සහය පිළිබඳව සිය කෘතඥතාව පළ කළ අග්‍රාමාත්‍යවරිය, තවමත් එම මධ්‍යස්ථාන වල සිටින ශ්‍රී ලාංකිකයින් 40 දෙනා බේරා ගැනීම සඳහා අඛණ්ඩ සහයෝගය ඉල්ලා සිට ඇති අතර, අග්‍රාමාත්‍යවරිය ලෙස පත්වීම පිළිබඳව තානාපති පයිටූන් මහපන්නපෝන් උණුසුම් සුබපැතුම් පළ කළ බවද සඳහන් වේ.

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ද්විපාර්ශ්වික සබඳතාව ශක්තිමත් කර ගැනීම, සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීම, නවීන කෘෂිකාර්මික තාක්‍ෂණය භාවිත කිරීම, රුහුණු විශ්වවිද්‍යාලයේ සහ වයඹ විශ්වවිද්‍යාලයේ කෘෂිකාර්මික පීඨ ඒකාබද්ධව පසු අස්වනු තාක්ෂණය සහ ආහාර සැකසීම වැනි පර්යේෂණ ක්ෂේත්‍ර සඳහා සහයෝගීතාව ඉහළ නැංවීම පිළිබඳව මෙහිදී සාකච්ඡා වූ බව සඳහන්වේ.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි , ප්‍රංටිප් කොන්ග්‍රිදිසුක්සකෝර්න් (Prangtip Kongridhisuksakorn) මහත්මිය සහ තොම් පෙට්ච්පුග්ඩෙපොන්ග් (Thom Petchpugdepong ) මහතා ඇතුළු තායි තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම සාකච්ඡා සඳහා සහභාගි වූහ. අධ්‍යක්ෂ ජනරාල් ශෂිකලා ප්‍රේමවර්ධන මහත්මිය සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අග්නිදිග ආසියානු අංශයේ අධ්‍යක්ෂ තිළිණි ඉහළගේ මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටි බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...