2024 සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගය දකුණු කොරියානු ලේඛිකා හැන් කන්ග් දිනා ගනියි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 10; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ස්වීඩන් ඇකඩමියේ නොබෙල් කමිටුව විසින් මෙවර සාහිත්‍ය සඳහා වන නොබෙල් ත්‍යාගය වෙනුවෙන් දකුණු කොරියානු කතුවරියක් වන හැන් කන්ග් නිර්දේශ කර ඇති බව වාර්තා වේ.

56 හැවිරිදි හැන් නොබෙල් සාහිත්‍ය ත්‍යාගය දිනාගත් පළමු දකුණු කොරියානු ලේඛිකාව වේ.

නොබෙල් කමිටුවේ සභාපති ඇන්ඩර්ස් ඔල්සන් සඳහන් කර තිබුණේ, ඇගේ චරිතවල අවදානමට ලක්විය හැකි, බොහෝ විට කාන්තා ජීවිත සඳහා ශාරීරික සංවේදනය අගය කළ අතර ඇයගේ කෘතිය ඓතිහාසික කම්පනයන්ට මුහුණ දෙන අතර ඇයගේ සෑම කෘතියකින්ම මිනිස් ජීවිතයේ අස්ථාවරත්වය හෙළිදරව් කරන අතර ඇයගේ කාව්යමය හා පර්යේෂණාත්මක ශෛලිය තුල සමකාලීන ගද්‍යයේ නවෝත්පාදකයෙකු දක්නට ලැබෙන බවයි.

ඇගේ පියා වන හැන් ස්යුං-වොන් කීර්තිමත් නවකතාකරුවෙකු වන අතර ඇය සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ 1993 දී සාහිත්‍යය සහ සමාජය යන සඟරාවේ කවි කිහිපයක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟය. ඇයගේ පළමු ගද්‍යය 1995 දී කෙටිකතා සංග්‍රහය වන Love of Yeosu වශයෙන් ප්‍රකාශයට පත්විය.

2007 දී හැන් කන්ග් විසින් ලියන ලද The Vegetarian නවකතාව ජාත්‍යන්තර බුකර් ත්‍යාගය දිනා ගන්නා අතර 2014 දී ඇය Human Acts මඟින් ඇය 1980 දී දකුණු කොරියානු හමුදාව විසින් සිදු කරන ලද සමූලඝාතනයකට ගොදුරු වූවන් වෙනුවෙන් ලියූ අතර 2013 දී ඇය Convalescence ප්‍රකාශයට පත්කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...