*
Monday, March 17, 2025
spot_img

Latest Posts

නව අධ්‍යක්ෂක ජනරාල්වරියක් පත්වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 10, කොළඹ (LNW):

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂක ජනරාල් ලෙස එම්. ආර් වයි. කේ. උඩවෙල මහත්මිය පත් කර තිබෙන අතර, එම කොමිසමේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.කේ.ඩි.විජේරත්න මහතා ඉකුත් 7 වෙනි දින ස්වකීය ධූරයෙන් ඉල්ලා අස්විය.

එම්.ආර්.වයි.කේ.උඩවෙල මහත්මිය වර්ෂ 1993 දී නීතිඥ වෘත්තියේ දිවුරුම් දෙමින් නීති වෘත්තියට අත්පොත් තැබූ අතර, 1996 වසරේ ජනවාරි 16 වන දින සහකාර අධ්‍යක්ෂ (නීති) ‌ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට එක් වී ඇත.

දැනට කොමිෂන් සභාවේ වසර 28කට අධික සේවා කාලයකට හිමිකම් කියනා ඇය කොමිෂන් සභා 07ක් සහ අධ්‍යක්ෂ ජනරාල්වරු 08 දෙනෙකු යටතේ තම සේවය ලබා දී තිබෙන අතර, ඇය නව අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත්වීමට පෙර අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කර තිබෙන බව වාර්තා වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan